Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Facebook gang caught get naked photos from boys to publish  

හොට් කෙල්ලෝ වගේ ඉඳලා කොල්ලො රවට්ටගෙන 
නිරුවත් ෆොටෝ උස්සන 
ෆේස්බුක් කල්ලියේ පැටිකිරිය එළියට

ෆොටෝ එළියට දානවා කියලා
ලක්ෂ ගණන් කප්පම් අරන්



ෆේස්බුක් එකෙන් ආදරේ කරන්න පටන්ගත්ත කොල්ලෝ කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා. ෆොටෝ එකක් දැකලා තමයි ඉතින් මේ ආදරේට මුල පුරන්නේ. සමහර වෙලාවට ඒ තියෙන ෆොටෝ වල ඉන්නේ ඇත්තටම අකවුන්ට් එක පාවිච්චි කරන කෙනා නොවෙන්න පුලුවන්.

ඔය විදියට සුරූපී තරුණියන් ලෙස පෙනී සිටිමින් ෆේස්බුක් සමාජ වෙබ්අඩවිය ඔස්සේ තරුණයන් ප්‍රේමයෙන් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා ප්‍රචාරය කරන බවට තර්ජනය කර රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ සුරූපී තරුණියකට රැවටී තම නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාදෙමින් පසුව අදාළ කල්ලියට කප්පම් වශයෙන් මුදල් රුපියල් දෙලක්ෂ දස දහසක මුදලක් ලබාදුන් බව කියන යුද හමුදා සෙබළකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කළ බව එහි පරිගණක අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. එස්. කේ. සේනාරත්න මහතා ඊයේ (19) අධිකරණයට දැනුම් දුන් අවස්ථාවේ මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

පැමිණිලිකාර යුද හමුදා සෙබළාගේ ෆේස්බුක් ගිණුමට සුරූපී තරුණියක විසින් ඇරයුමක් (ෆෙන්ඩ් රික්වෙස්ට්) ලබා දී ඇති අතර, පසුව පැමිණිලිකරු විසින් එම තරුණියක ලෙසින් පෙනී සිටි අය සමඟ දැඩි සමීප ඇසුරක් පවත්වා ඇති බව පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් රහස් පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම සමීප ඇසුර හේතුවෙන් තරුණියක ලෙස ෆේස්බුක් වෙබ්අඩවියේ පෙනී සිටි තැනැත්තා විසින් පැමිණිලිකාර හමුදා සෙබළාගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන විශාල ප්‍රමාණයක් ලබාගෙන ඉල්ලා ඇති බවත්, මෙම අය කාන්තාවක ලෙස සිතූ පැමිණිලිකරු එම ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන ද ලබා දී ඇත්තේ ඔහුගේ ජංගම දුරකථනය මගින් බවත් රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

පසුව පැමිණිලිකරුගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කරන බව පවසමින් අදාළ ෆේස්බුක් ගිණුම හිමි කණ්ඩායම විසින්  පැමිණිලිකාර හමුදා සෙබළා බිය ගන්වා තර්ජනය කර අවස්ථා දෙකකදී මුදල් රුපියල් දෙලක්ෂ දස දහසක මුදලක් ගිණුම් අංක දෙකකට බැර කරවාගෙන ඇතැයි රහස් පොලිසිය අධිකරණයේදී කරුණු අනාවරණය කළේය.

මෙවැනි පැමිණිලි රාශියක් සම්බන්ධයෙන් මේ වන විට තම අංශය වෙත තොරතුරු ලැබෙමින් පවතින බවද මෙහිදී සඳහන් කළ රහස් පොලිසිය සිද්ධියට අදාළව එක් පුද්ගලයකු නොව සංවිධානාත්මක කණ්ඩායමක් කටයුතු කරනු ලබන බවද අධිකරණයට සඳහන් කළේය.

ඒ අනුව, පැමිණිල්ලට අදාළ කප්පම් මුදල් ලබාදුන් බව කියන බැංකු ගිණුම්වල තොරතුරු මෙන්ම අදාළ ඒ ටී එම් යන්ත්‍රවල සී සී ටී වී කැමරා දර්ශන ද ලබාගෙන මෙම පරීක්ෂණය කඩිනමින් සිදුකර අධිකරණයට සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස මෙහිදී අධිකරණය රහස් පොලිසියට නියම කළේය.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels