11 හැවිරිදි දැරියකට පවුලේ පව්කාරයෝ
හවුලේ පැල් බැඳගෙන කළ වින්නැහිය පත්තුවෙයි
සීයා, සහෝදරයා හා අසල්වැසි තරුණයාට මාංචු
කණගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ අපි දැන් ජීවත් වෙන්නේ පිරිහුණු සමාජයක කියලා. මොකද අම්මා තාත්තා අක්කා අයියා දුව පුතා කවුද කියලා අඳුරන්නේ නැති තරම් සමාජය පිරිහිලා ගිහින්.
ඒ විදියට පිරිහුණු සමාජයේ මේ කියන්න යන්නෙත් මහපොළොව නුහුළන අපරාධයන් ගැන. මේ 11 හැවිරිදි දැරිය කාලයක් තිස්සේ දූෂණය කළ බවට සැකපිට පදවිය පොලිසිය විසින් ඇයගේ සීයා, සහෝදරයා සහ අසල්වැසි නිවෙසක පදිංචි තරුණයෙක් පෙරේදා (19) අත්අඩංගුවට ගන්නවා. පදවිය ශ්රී පුර ප්රදේශයේදි තමයි මේ දේ සිද්ධවෙලා තියෙන්නේ.
එම දැරියගේ මවගේ පියා වන මේ සීයා, දොළොස් හැවිරිදි සහෝදරයා සහ අසල්වැසි නිවෙසක පදිංචි 22 හැවිරිදි තරුණයක් තමයි මේ සිද්ධියට අත්අඩංගුවට අරන් තියෙන්නේ.
මේ දැරියගේ මව පසුගිය පෙබරවාරි මාසයේ දවසක ගෙදරින් පොඩ්ඩක් එළියට ගිය අවස්ථාවක සීයාට ඇයව බලාගන්න තියලා තියෙනවා. ඒ අවස්ථාවේ තමයි මුල්වරට සීයා විසින් දැරිය දූෂණය කරලා තියෙන බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙන්නේ.
ඊට පස්සේ මේ ගැන දැනගත්තු ඇගේ සහෝදරයයි අසල්වැසි තරුණයයි දැරියව බයකරලා වරින් වර ඇයව දූෂණය කරලා තියෙනවා කියලත් හෙළිවෙලා තියෙනවා.
මේ ගැන ජාතික ළමාරක්ෂක සේවා අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී හෙළිවුණු තොරතුරු මත තමයි පොලිසිය විසින් සැකකරුවන් තුන්දෙනාම අත්අඩංගුවට අරන් තියෙන්නේ.
Post a Comment