හොර චැට් එකක් දාන්න ටොයිලට් එකට දුවපු
බිරිඳට හස්බන් දුන්නු
අමතක නොවෙන කට් එක
සමහර පිරිමින්ට බැඳපු ගෑණු කෙනාව සතපහකට ෂුවර් නෑ. කරන්න මොනවද යන්නේ කොහෙද කතා කරන්නේ කාටද කියලා කොයිවෙලාවෙත් සෙවිල්ලෙන් ඉන්නේ. ඔය විදියට වයිෆ්ට ආව දුරකථන ඇමතුමක් නිසා වුණු සිද්ධියක් දුරදිග ගිහින් කොණ්ඩේ කපාගන්න වුණු කාන්තාවක් ගැන අපිට ආරංචි වුණා.
මේ කතාව අපිට ආරංචි වුණේ මතුරට පැත්තෙන්. ඔය කියන ගෑණු කෙනා ෆෝන් එකට ආව ඇමතුමකට කතා කරන්න වැසිකිළියට දුවලා තියෙනවා. මේ ගැන සැමියා අහපුවාම දෙන්න උත්තර නැති වුණාම ඇතිකරගත්ත ආරවුලක් දුරදිග ගිහින් අන්තිමේට බිරියගේ කොණ්ඩයත් කපලා තමයි නතර වෙලා තියෙන්නේ.
මේ සිද්ධිය වෙන්න කලින් බිරිඳ තමන්ගේ දුව බලන්න රෝහලට ගිහින්. දුව ඉන්න වාට්ටුවේ අම්මාව නතර කරලා ගෙදර ආවම තමයි බිරිඳ දැකලා තියෙන්නේ හමුදාවේ ඉන්න තමන්ගේ සැමියාත් හිටපු ගමන් ගෙදර ඇවිත් කියලා.
දෙන්නා එක්ක සුවදුක් කතා කර කර ඉන්න වෙලාවේ අතේ තිබ්බ ෆෝන් එකට ආව කෝල් එකට උත්තර දීගන්න තරම් හයියක් බිරිඳට තිබිලා නෑ. සැමියා ඉදිරියේ කෝල් එකට ප්‍රතිචාර දක්වන්න බැරි තැන වැසිකිළියට ෆෝන් එකත් අරන් දුවපු බිරිඳ දැක්කම වැඩ කරලා මාස ගාණකින් ගෙදර ආව සැමියට හොඳටම තරහා ගිහින්.
ඒ ඇමතුම ආවේ කාගෙන්ද කියලා සැමියා ප්‍රශ්න කරනකොට බිරිඳ කියලා තියෙන්නේ ගමේ පාර හදන්න ආව වෙලාවේ ඒ තැනදි දැන හඳුනාගත් අයෙක් එක්ක කතා කළා කියලා. මේ ගැන ප්‍රශ්න කරලා තමයි අන්තිමට දෙන්නා රණ්ඩු වෙලා සැමියා බිරිඳගේ කොණ්ඩේ සම්පූර්ණයෙන්ම කපලා තියෙන්නේ.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත්තු සැමියා වලපනේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 5,000ක මුදල් හා රුපියල් 50,000ක ශරීර ඇප මත මුදාහැරීමට වලපනේ දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් එම්.එච්. පරීක්ඩීන් මහතා නියෝග කරලා තියෙනවා.
Post a Comment