හොඳටම සූර් වෙලා ඉස්කෝලෙ ගිහින්
යකා නටපු සිසුවා අන්තිමේ රෝහලට
අරක්කු බීලා කන සාක්කුවේ දාගෙන ගෙදර යන කට්ටිය වගේම පාරවල්වල වැටිලා ඉන්න අයත් අපි ඕන තරම් දැකලා තියෙනවා.
ඒ වුණාට හොඳට බීලා ඉස්කෝලෙ ගිහිල්ලා ඉගෙන ගන්න කට්ටිය ගැන නම් අපි අහලා නෑ.
හැබැයි එහෙම හොඳට සූර් වෙලා ඉස්කෝලෙ ගිහිල්ලා පිස්සු නටපු ඕ ලෙවල් කරන සිසුවෙක් ගැන වාර්තා වුණේ බස්නාහිර පළාතේ කඹුරාවෙල විද්‍යාලයෙන්. මෙයා හොඳට බීලා ඇවිල්ලා ඉස්කෝලෙ පිස්සු නටනවා කියලා ගුරුවරුන් පොලිසියට දැනුම් දීලා තිබ්බා. ඒ වෙලාවේම පාසලට ආපු පොලිසියේ කට්ටිය මේ සිසුවාව රෝහලට අරගෙන ගියේ මෙයා බීලාද නැද්ද කියලා හරියටම දැන ගන්න.
Post a Comment