ඇඹිලිපිටිය සිද්ධියේ CCTV එකෙන් එළියට
පැන්න පොලිස් චන්ඩින්ගේ පැටිකිරිය ගැන
අලුත්ම කතාවක් - වීඩියෝ
සාදය වීඩියෝ කරන්න ආ තරුණයා
සියල්ල හෙළිකරයි
ඇඹිලිපිටියේ සිද්ධිය ගැන කතාව අමතක වෙන්න ඔන්න මෙන්න තියෙනකොට දැන් සිද්ධියේ CCTV වීඩියෝවකුත් මාධ්‍යවලට නිකුත් වෙලා තියෙනවා. ආයෙත් මේ ගැන අලුතින් කතාවෙන්න පටන් අරන් තියෙන්නේ මේ CCTV දර්ශනවල ඉන්නේ මියගියපු සුමිත් කියලා ඒ CCTV එක මාධ්‍යට ලබාදුන්නු තරුණයා කියන නිසා.
ඔහු කියන විදියට මේ කැමරාව හයිකරලා තිබිලා තියෙන්නේ සිද්ධිය වුණු තැනම තියෙන හාල් අලෙවි කරන කඩයක. ඔහු කියන්නේ තමන්ගේ නිවසේ තමයි මෙම සාදය පැවැත්වුණේ කියලා. රෑ 11.30ත් 12 ත් අතර සුමිත්ට පාරෙදි පොලිසිය වටවෙලා ගහන හැටි තමයිලු මේ CCTV වීඩියෝ එකේ තියෙන්නේ.
ඒ වගේම එදා සාදය දවසේ ඒක වීඩියෝ කරන්න වගේම ඡායාරූප ගන්න ආව කැමරාකරුත් මේ සිද්ධිය ගැන මේ වෙනකොට ප්‍රකාශයක් දීලා තියෙනවා. ඔහු කියන්නෙත් පොලිස් නිලධාරීන් ඇවිත් සාදය කඩාකප්පල් කරලා එතන රණ්ඩුවක් ඇතිකළා කියලා.
Post a Comment