Jan
18
පියත් ලොවින් සමුගෙන ඉද්දී මවත් නැගණිය එක්ක
නොඑන ගමන් ගිය මාරක අනතුර
ඇසින් දකින්නට වූ දැරියකගේ විලාපය - වීඩියෝ
පලා ගිය 15 හැවිරිදි ජාත්‍යන්තර පාසැල් සිසුවා පොලිස් දැලේ
බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ ප්‍රදේශයේදී කහ ඉරක් මතින් ගමන් කරමින් සිටි මවක සහ දියණියක, 15 හැවිරිදි පාසල් සිසුවෙකු ධාවනය කළ බවට සැක කෙරෙන මෝටර් රථයක ගැටීමෙන් පසුගියදා රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වුණා. සිද්ධියෙන් අනතුරුව මෝටර් රථය පැදවූ පාසල් සිසුවා එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර, පසුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින්.
කෙසේ වෙතත් එම සිසුවා වෙනුවට වෙනත් පුද්ගලයෙකු පොලිසියට භාරවන බවට පැතිරගිය රාවයත් සමග දෙමටගොඩ පොලිසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා. දෙමටගොඩ - මවුන්ට්මේරි ප්‍රදේශයේදී රාත්‍රී 8.50 ට පමණ අදාළ අනතුර සිදුවුණු අතර ශ්‍රී ඥාණසීහ විහාරය ඉදිරිපිට බේස්ලයින් මාර්ගය හරහා වැටී ඇති කහ ඉර මතදීයි අදාල වාහනය ඔවුන් යටකර ඇත්තේ.
අනතුරට ලක්වූ මව සහ දියණිය විහාරස්ථානය දෙස සිට මාර්ගයේ අනෙක් පසට ගමන් කර තිබෙනවා. එහිදී බොරැල්ල දෙස සිට දෙමටගොඩ දක්වා ධාවනය වූ මෝටර් රථයක ඔවුන් ගැටුණා. එම අවස්ථාවේදී රියැදුරාට අමතරව ඔහුගේ මව, මවගේ සහෝදරිය සහ ඇයගේ පුත්‍රයාද මෝටර් රථය තුළ සිට තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අනතුර සිදුවූ අවස්ථාවේදී මෝටර් රථය පැදවූ පාසල් සිසුවා පලගොස් ඇති බවයි. අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි මව සහ දියණිය කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගත්තත් ඔවුන් ඒවන විටත් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ කාන්තාවගේ වැඩිමහල් දියණියද එම අවස්ථාවේදී දෙමටගොඩ පොලිස්ථානයට පැමිණ සිටියා. සිය පියාද ජීවතුන් අතර නොමැති ඇය තම මවගේ සහ බාල සහෝදරියගේ වියෝව දරාගත නොහැකිව හඩා වැළපුණේ මෙලොව තමන් තනිවුණු ශෝකය දරාගත නොහැකිවයි.
අධිකරණයේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අත්අඩංගුවට ගැණුනු පාසල් සිසුවා ජනවාරි 29 වනදා දක්වාත්, ඔහුගේ මව ජනවාරි 25 වනදා දක්වාත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසටයි. මේ අතර, අදාළ කාන්තාව කිරිදෙන මවක් බැවින් ඇය සම්බන්ධ නඩුව අද (17) දිනයේදී කැදවන ලෙසට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් කළ ඉල්ලීමට අවසර හිමිවුණා.
මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූයේ මවුන්ට්මේරි ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අනුලා වීරසිංහ සහ 10 වැනි වියේ පසුවූ ඇයගේ බාල දියණිය වූ සමාධි රශ්මිකායි. සමාධි, බොරැල්ල සීවලී මහා විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක්.
Post a Comment