ඉස්කොලේ විද්‍යා ටීචර් එක්ක සෙට් වුනැයි කියන
ගණන් සර් ඉස්කෝලේ ඇතුලෙම
සැරට දුන්නු පාටිය පත්තු වෙයි - වීඩියෝ
‘‘නෑ නෑ එයා ආදි ශිෂ්‍යාවක්‘‘පාටියේ අයිස් කකා
ප්‍රින්සිපල් කියයි
එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ගණිත ගුරුවරයකු හා විද්‍යා ගුරුවරියක සමගින් ඇති කරගත් ප්‍රේම සම්බන්ධයක් මත පසුගිය 11 වැනිදා යුග දිවියට පිවිස තිබෙනවා. එදින යුගදිවියට පිවිසීමේ සතුට පවුලේ ඥාතීන්ට පමණක් දන්වා චාම් උත්සවයක් පවත්වා ඇති අතර පසුව එම යුවලම රාජකාරී සිදු කරන එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ සහෝදර ගුරුවර - ගුරුවරියන්ද නව යුවලගේ අතිනත ගැනීමේ ප්‍රීතිය තමන්ටද සැමරීම සදහා උත්සවයක් සංවිධානය කරන ලෙසට ඉල්ලා තිබෙනවා.
ඒ අනුව ඊයේ (26) පාසල නිමවීමෙන් අනතුරුව පස්වරු 2.00 සිට පස්වරු 4.00 පමණ දක්වා එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ප්‍රධාන ශාලාව අසල පන්ති කාමරයක මෙම මංගල උත්සවය පැවැත්විණි.
ආයතන සංග්‍රහය අනුව එකම විද්‍යාලයක ගුරුවරුන් දෙපළකට විවාහ වීමද තහනම් වන අතර, එම නීතියද කඩ කරමින් පාසල තුළ මේ අයුරින් ගුරුභවතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විවාහ උත්සවය පැවැත්වුණ බව වාර්තා වනවා.
අදාළ පන්ති කාමරය අසල ගිය අයට දැක ගත හැකි වූයේ පන්ති කාමරයක් උත්සව ශාලාවක් වී ඇති ආකාරයයි. ආහාර පාන සපයන ආයතනයක් මගින් ආහාර පාන සපයා තිබුණු අතර, පිරිමි ගුරුවරුන් කිහිප දෙනෙකුම ක්‍රීඩා පිටිය එහා කෙළවර ඇති ගුරු නේවාසිකාගාර වලට ගොස් පැමිණෙන අයුරුද දැක ගත හැකිව ඇත.
අදාළ උත්සවය සඳහා මස් වර්ග හා මත්පැන්ද රැගෙන එනු දුටු බව පාසල අවට සිටි පිරිස් අප වාර්තාකරුට පවසා තිබේ. නිවාසාන්තර ක්‍රීඩා සඳහා පුහුණු වෙන සිසු සිසුවියන් පාසල තුළ, අදාළ උත්සවය පැවැත්වෙන අවස්ථාවේදී සිටින අයුරුද දැක ගත හැකි විය. උත්සවශාලා රැසක් තිබියදී මේ අයුරින් පාසලේ පන්ති කාමරයක් තුළ මෙම උත්සවය පැවැත්වීමට සූදානම් කිරීම නිසා අදාළ පන්ති කාමරයේ ඊයේ (26) දිනයේ ඉගැන්වීම් කටයුතුද සිදු නොකෙරුණ බව වාර්ථා වේ.
මේ පිළිබදව තොරතුරු ලබා දුන් ගුරුවරුන් කිහිප දෙනෙකුම කියා සිටියේ පාසල තුළ මෙවැනි උත්සව සිදු කිරීම කණගාටුවට කරුණක් බවයි. පාසලක් තුළ පෞද්ගලික උත්සව පැවැත්වීම කිසි සේත්ම නොගැලපෙන බව ඔවුන් පෙන්වා දුන්හ. පාසල් භූමිය තුළ මත්පැන් පානය කරමින් ගුරුවරුන් මේ අයුරින් පාටි දැමීම කක්කුට්ටන් ඇදේට ගොස් උන්ගේ පැටවුන්ට කෙලින්න යන්න කියන්නා මෙන් බවද ඔවුන් පැවසූහ. තවද ගුරුවරයකුට නිවසේ කෑම වේලක් දීමට බැරි තත්වයක් නැතැයිද , නොබෝ දිනකින් මදු සමය ගත කිරීමටද පාසල තෝරා ගන්නා තත්වයක් ඇති විය හැකැයිද ඔවුන් පැවසූහ.
අදාළ ස්ථානයට ගොස් අප තඹුත්තේගම කළාප අධ්‍යාපන අධ්යක්ෂ එච්.එම්.ජී.ඩී.ඩී හේරත් මහත්මියගෙන් දුරකථන ඇමතුමක් ලබා දී මෙවැනි සිදුවීමක් පාසල තුළ සිදු වන බව සැලකර සිටි අතර, එතුමිය කියා සිටියේ කිසිදු හේතුවක් මත පෞද්ගලික උත්සව පැවැත්වීමට ඉඩක් නොමැති බවත්, මේ පිළිබද සොයා බලන බවත්ය.
තමන් මේ වේලාවේ රාජකාරී කටයුත්තක නිරත වන බැවින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අදාළ පාසලට පැමිණිය නොහැකි බවද, දුරකථනයෙන් මේ පිළිබද සොයා බලන බවද ඒ මහත්මිය පැවසුවාය.
පසුව අප අදාළ මංගල උත්සවයට සහභාගී වී ආහාර ලබා ගැනීමෙන් අනතුරුව අයිස් ක්‍රීම් කමින් සිටි විදුහල්පතිවරයා හමුවී මේ පිළිබද විමසීමක් කළ අතර ඒ මහතා කියා සිටියේ තමන්ගේ අවසරය මත මෙම උත්සවය පැවැත්වුණු බවත්, ගුරුවරයකුගේ හා ගුරුවරියකගේ විවාහ මංගල උත්සවයක් නොව එය පාසලේ ආදී ශිෂ්‍යාවක් වන ගුරුවරියකගේ විවාහ මංගල උත්සවයක් බවයි.
ඇය ආදී සිසුවියක් ලෙස ඇගේ ගුරුභවතුන්ට මෙම මංගල සාදය පැවැත්වූ බවයි ඔහු පවසා සිටියේ. මෙම උත්සවය පාසල නිම වී පැවැත්වීම නිසා කිසිදු ගැටලුවක් නැති බවද, මෙම උත්සවයට මත්පැන් රැගෙන විත් නැති බවද විදුහල්පතිවරයා පැවසීය. කෑම වේලක් ලබා දීම ගැටලුවක් නැති බවද විදුහල්පතිවරයා පැවසීය.
විදුහල්පතිවරයා එසේ පැවසූවද විදුහල්පතිවරයා පවසන ගුරුවරිය විවාහ වී ඇත්තේ පාසලේම ගුරුවරයකු සමග වන අතර, පාසලේ සිටින ඇගේම සමකාලීන ගුරුභවතුන් ඇගේ ගුරුවරියන් නොවන බවද , මීට විරෝධය දක්වන ගුරුවරුන් පැවසූහ.
Post a Comment