අනියම් සැමියාගෙන් කුසට ආපු දරුවා
රෝහලේදි හදාගන්න දීලා
පස්සෙ දුන්න ඩබල් ගේම
තම සැමියාට හොරෙන් පැවැත්වූ අනියම් සම්බන්ධයක ප්‍රතිඵලය වූ සිඟිත්තා දරුකමට හදා වඩා ගැනීමට රෝහලේ දීම ධනවත් යුවළකට භාරදුන් තරුණ කාන්තාවක් ඉන් මාස තුනකට පසු තමාගේ දරුවා සැමියා විසින් ධනවත් යුවළකට විකිණූ බවට මීගමුව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
පසුව මීගමුව මූළස්ථාන පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනයේදී මෙම පැමිණිල්ල අසත්‍ය එකක් බවට අනාවරණ වුණා. පසුව හෙලිවී වී ඇත්තේ මෙම බොරු පැමිණිල්ල ඉදිරිපත් කළ 30 හැවිරිදි කාන්තාව තිදරු මවක් බවත් ඇයගේ සැමියා යුද්ධයේදි ආබාධිත වූ හමුදා සෙබළෙක් බවත් සැමියා ආබාධිතවූ පසුව ඇය අනියම් සැමියකු සමග ඇසුරක් පවත්වා ගැබ්ගෙන තිබෙනවා.
ඇය දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගතවූ අවස්ථාවේ විවාහ වී වසර 16 ක් ගතවුණද දරුවකු නොමැතිව සිටි ධනවත් යුවළකට තම දරුවා ලබාදීමට එකඟ වී ඇති අතර දරුවා ප්‍රසූත කිරීමෙන් පසු දරුවාව ධනවත් යුවළට රෝහලේදීම භාරදී තිබෙනවා.
පසුව විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි ධනවත් යුවළ මෙම සිද්ධියට අදාළ මවගේ කැමැත්ත මත දරුවා තමන්ගේ නමට ලබාගැනීම සඳහා අලුත්කඩේ අධිකරණයේ නඩුවක්ද ගොනුකර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම කත ධනවත් යුවළට එරෙහිව අසත්‍ය පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ මුදල් ලබාගැනීමේ අරමුණෙන් බවට තොරතුරු හෙළිව තිබෙනවා.
මෙම අසත්‍ය පැමිණිල්ලේ සිද්ධියට අදාළව කටාන ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් තිලකරත්න බණ්ඩාර මහතා හමුවට පැමිණවීමෙන් අනතුරුව රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපමත මුදාහැර තිබෙනවා.
Post a Comment