ග්‍රාම සේවක නෝනා හිත දෙන්න බෑ කීවම
උස්සන් ගිහින් ගේමක් දෙන්න හදපු ඇම්ඩා - Photos
යාපනය, වරණි ජේ 343 කොට්ඨාශයේ සේවයේ නිරත ග්‍රාම නිළධාරිනියක් බලහත්කාරයෙන් පැහැරගෙන වෑන් රථයකින් රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (21) දහවල් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොඩිකාමම් පොලිසිය පැවසූවේ 25 හැවිරිදි යාපනය, වරණි ජේ 343 කොට්ඨාශයේ ග්‍රාම නිළධාරිනිය ඊයේ (21) උදෑසන 8.45 ට පමණ සිය කාර්යාලය වෙත පැමිණෙමින් සිටින අවස්ථාවක, වෑන් රථයකින් පැමිණි පිරිසක් ග්‍රාම නිළධාරිනියගේ සහෝදරයාටද පහරදි ග්‍රාම නිළධාරිනිය පැහැරගෙන ගොස් ඇති බවයි.
අදාළ පැහැර ගැනීම සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරිනියගේ සහෝදරයා විසින් යාපනය කොඩිකාමම් පොලිසිය වෙත පැමිණිළි කිරීමෙන් අනතුරුව,පැමිණිල්ල සිදු කොට කෙටි කාලයක් තුළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වු බැව්ද පොලිසිය පැවසීය.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ අදාළ ග්‍රාම නිළධාරිවරිය සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීමට උත්සහ කළ 28 හැවිරිදි තරුණයෙකු එම සම්බන්ධතාවය ග්‍රාම නිලධාරිනිය ප්‍රතික්ෂේප කිරීම නිසා අදාළ පැහැර ගැනීම සිදුකොට තිබූ බවට සැකකරන බවටත්, ප්‍රධාන සැකකරු සමඟ පැහැරගැනීමට සම්බන්ධ වූ වයස අවුරුදු 23 ක හා වයස අවුරුදු 44 ක සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් අද (22) යාපනය චාවකචිචේරි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බැව්ද පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
Post a Comment