Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Ebilipitiya man killed in party update  

අළු යට ගිනි පුපුරු නැගෙද්දි කාකි ඇඳුම පසෙක තියා 
ඇඹිලිපිටිය සිද්ධියට පොලිස් මාධ්‍ය ප්‍රකාශක 
නඩු අහන්න යයි - වීඩියෝ


ඇඹිලිපිටිය පොලිසිය සමග ඇතිවූ ගැටුමේදී තරුණයෙකු මියයෑමේ සිද්ධියට අදාලව පොලිසිය ලබාදුන්  වාර්තාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව පොලිස් කොමිෂන් සභාව පවසනවා. එහි ලේකම් ආරියදාස කුරේ මහතා පවසන්නේ මේ සිද්ධියට අදාල පරීක්ෂණ වාර්තාවේ පිටපත පොලිස්පතිවරයා විසින් කොමිෂන් සභාව වෙත ලබාදීමට නියමිත බවයි.

මේ අතර, තරුණයා මියයෑමට අදාල නඩුව ඊයේ (13) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනා. මෙහිදී සාක්ෂි මෙහෙයවීම පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර විසින් සිදුකර තිබීම විශේෂත්වයක්... වෙනදාට අඳින පොලිස් ඇඳුම වෙනුවට නීතීඥ ඇඳුම ඇඳගෙන ඔහු උසාවියට පැමිණ සිටියා.

ගැටුමෙන් සුමිත් ප්‍රසන්න ජයවර්ධන මියයෑමට අදාල නඩුව විභාගයට ගැණුනේ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඉදිරියේයි.

ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වුණේ  ගැටුම සිදුවූ ඉකුත් 4 වනදා රාත්‍රියේ ඇඹිලිපිටිය පොලිසිය දුරකථන ක්‍රියාකරු වශයෙන් කටයුතු කළ නිලධාරියාගේ හා ගැටුම පැවති ස්ථානයට ගිය ජංගම පොලිස් කණ්ඩායමේ නිලධාරින් දෙදෙනෙකුගෙන් අද සාක්ෂි විමසීම සිදුවූ බවයි.

මේ අතර, ඊයේ (13) පැවති සාක්ෂි විමසීම සිදුවන අන්දම වාර්තා කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ගිය මාධ්‍යවේදීන්ට බාධා කරමින් ඔවුන් සතුව තිබූ සටහන් පොත් අධිකරණ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකු විසින් ලබාගෙන තිබුණා.

කෙසේ වෙතත්, ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරිය විසින් පසුව මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් ඔවුන් වෙත ලබාදී තිබුණා. 

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels