අවුරුදු දෙකේ පුංචි දියණියට
වේවැලෙන් පහරදෙමින්
ඇයව සපා කන නරුම පියෙක්
වයස අවුරුදු 02 යි මාස 06 ක් වන තම දියණියට කෘර ලෙස පහර දී ඇයව සපා කෑ බව කියන සැකකරුවෙකුව වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පරණ එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකුයි.
සැකකාර සැමියාට දාව තමන්ට ලැබී ඇති දැරිවියට ඔහු වේවැලකින් පහර දෙමින් සපා කන බවට කාන්තාවක් විසින් කර ඇති පැමිණිල්ලකට අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැරිවියගේ ශරීරයේ ස්ථාන කීපයක පහර දීමේ සහ සපා කෑමේ තුවාල දක්නට ඇති බව පොලීසිය පවසනවා.
තම දියණියට සැකකරු මේ ආකාරයට පහර දෙමින් ඇයව සපා කා ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න අනාවරණය කර ගැනීම සදහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
දැරිවිය වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ කටයුතු සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.උපුටාගැනීම
Post a Comment