Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Learners owner court while giving bribe to examinar  

ලර්නස් වලින් අල්ලස් අරන් 
ලයිසන් දෙන හින්දා මාරක අනතුරු 
වැඩිවෙලා

රියදුරු පුහුණු පාසල්වලින් අල්ලස් ලබාගෙන වාහන පැදවීමේ හැකියාවක් නැති පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට මෝටර් රථ රියදුරු පරීක්ෂකවරුන් ක්‍රියා කිරීම නිසා මාරක අනතුරු වැඩි වී ඇති බව අල්ලස් කොමිසමේ කොසාරිස්වරයා පවසා තිබෙනවා.

බොහෝ මෝටර් රථ රියදුරු පරීක්ෂකවරුන් මුදලට යටවීම නිසා වාහන පැදවිය නොහැකි රියදුරන් විශාල පිරිසක්‌ රියදුරු බලපත්‍ර ලබාගෙන ඇති බවද ඔහු පවසනවා.
 
ඔහු මේ බව පවසා තිබුණේ මෝටර් රථ රියෑදුරු පරීක්‌ෂකවරයකුට රුපියල් පන්දහසක අල්ලස්‌ මුදලක්‌ ලබාදීමට ගිය රියදුරු පාසලක හිමිකරුවකු අල්ලස්‌ කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.
 
කොටහේන ප්‍රදේශයේ මෝටර් රථ රියදුරු පාසලක හිමිකරුවකු පසුගිය 12 වැනිදා වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ කාර්යාල භූමියේදී මෝටර් රථ රියදුරු පරීක්‌ෂකවරයකුට රුපියල් පන්දහසක අල්ලස්‌ මුදලක්‌ ලබා දීමට උත්සාහ කරද්දී එහි සිටි අල්ලස්‌ කොමිසමේ නිලධාරීන් විසින් එම ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels