Facebook එකේ කෙල්ලෙක් කියලා රැවටිලා
නිරුවත් Photos මාරු කර ගත්ත
අපේ ක්රිකට් තරුවට තරු පෙනෙයි
Facebook එකවුන්ට් එකක් නැති කෙනෙක් හොයනවා කියන්න මේ කාලේ ලේසි වැඩක් නෙමෙයි. ඒ තරමටම Facebook අපේ රටේ මිනිස්සු අතරට ගිහිල්ලා. මේකට වයස් භේදයක් නෑ.. ලොකු පොඩි හැමෝම පාවිච්චි කරනවා.
ඒ වගේම මේකේ හොඳ සහ නරක කියලා දෙකකුත් තියෙනවා කියලා ගොඩක් අය හිතන්නෙ නෑ. ඒක නිසාම Facebook එක නිසා නැතිවුණ ජීවිත ගාණත් සුළුපටු නැහැ. හුඟ දෙනෙක් Facebook එකෙන් අඳුරගන්න යාලුවො එක්ක චැට් කරනවා විතරක් නෙමෙයි තව තව දේවල් වලටත් යනවා. ඒ යනකොට පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ ඒකේ තියෙන අවදානම ගැන.
ඒ විදිහට Facebook එක නිසා මේ ළඟදි මට්ටු වෙච්ච අය අතරෙ ශ්රි ලංකා කණ්ඩායමේ සුපිරි ක්රිකට් තරුවකුත් ඉන්නවා කියලා අපිට ආරංචි වුණා. මේ ක්රිකට් ක්රීඩකයා Facebook එකෙන් හඳුනාගත්ත රූමත් තරුණියක් එක්ක ටිකෙන් ටික කතාවට වැටිලා තියෙනවා. මාස දෙකක් තුනක් යද්දි කවදාවත් හැබැහින් දැකලා නැති මේ දෙන්නාගේ ඇසුර බොහොම දුර දිග ගිහිල්ලා අන්තිමට නිරුවත් ඡායාරූප පවා මේගොල්ලො මාරු කරගෙන තියෙනවා. හැබැයි ටික දවසක් යද්දි තමයි ක්රිකට් ක්රීඩකයට තරු පෙනිලා තියෙන්නෙ.
කෙල්ලෙක් වගේ චැට් කරලා ෆොටෝ මාරු කර ගත්ත කෙනා අන්තිමට එයාව බය කරලා තියෙන්නෙ අන්තර්ජාලයට එයා එවපු ෆොටෝ දානවා කියලා. ඒකෙන් බේරෙන්න ඕනේ නම් සල්ලි එවන්නත් කිව්වලු.
ඒ විදිහටම රැවටුණු හමුදා නිලධාරියෙක් ඒ ගැන පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙනවා. කොහොම වුණත් පොලිසිය කිව්වෙ ඒ විදිහෙට පැමිණිලි ගොඩක් එයාලට ලැබිලා තියෙනවා කියලා සහ අදාළ ක්රිකට් ක්රිඩකයා ගැනත් එයාලට විස්තර ඇවිල්ලා තියෙනවා කියලයි.
Facebook එකෙන් අඳුරගන්න අය එක්ක ඒ වගේ දේවල්වලට යන්න කලින් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් තමයි හොඳ.
Facebook එකෙන් අඳුරගන්න අය එක්ක ඒ වගේ දේවල්වලට යන්න කලින් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් තමයි හොඳ.
Post a Comment