මියැදෙන්න මොහොතකට පෙර
කීර්ති පැස්කුවෙල්, තරුණියක් වෙනුවෙන්
ගී ගැයූ සංවේදී මොහොත - වීඩියෝ
මුළු ජිවිත කාලේම අපි කැමති දේවල් කරන්න ,අහන්න ,දකින්න ගොඩක් ආසයි. ජිවිතයේ අවසාන මොහොතේ දී තමන් ආස ගායකයා දැක දැක ගීතයක් අහන්න ලැබෙනවනම් කොයි තරම් සතුටක්ද?
ඒ විදියට ජීවිතයත් මරණයත් අතර සටනක සිටි වයස 29ක්වූ තරුණියක්ට තමන් ආසම ගීතයක් අහන්න අවස්ථාවක් හිමිවුණා. එම තරුණියගේ ආසම ගීතය කීර්ති පැස්කුවෙල් මහතා ගායනා කරලා තියෙනවා. මාස 20ක් පුරාවට ඇය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් ඉඳලා තියෙන්නේ ප්රතිශක්තීකරණය දුර්වල බැවින්.
මීට අවුරුදු 2කට කළින් මෙම තරුණියගේ විවාහයට ගියපු කීර්ති පැස්කුවෙල් මහතා එහිදී ගායනා කරපු ගීතයෙන් තමයි ඇය මේ තරම් ඔහුගේ කටහඬට ඇළුම් කරලා තියෙන්නේ. පොඩි කාලේ ඉඳන්ම ඔහුට කැමති නිසාමලු වෙඩින් එකටත් මේ ගායකයා ගෙන්වලා තියෙන්නේ සින්දු කියන්න. කොහොම වුනත් කීර්ති පැස්කුවෙල්ට දැනගන්න ලැබිලා තියෙන්නේ එදා තමන්ගේ ගීත වලට ආසා කරපු ඒ තරුණිය දැන් ලෙඩ ඇඳේ ඉන්නවා කියලා.
මේ ගැන ඔහුව දැනුවත් කරලා තියෙන්නෙත් තරුණියගෙම ඥාතියෙක්. සිද්ධිය කියපු දවසේ කීර්ති පැස්කුවෙල් ගමන් මහන්සිය නිසා අනිත් දවසේ රෝහලට යන්න හිටියත් ගෙදරට ගියාම ඔහුට හිතිලා තියෙනවා අදම රෝහලට යන්න ඕනි කියලා. දුවත් එක්ක ගිටාර් එකත් අරන් රෝහලට ගියපු කීර්තිට දැකගන්න ලැබිලා තියෙන්නේ අසාධ්‍ය තත්වයෙන් තමන්ගේ ගීත වලට ඇලුම් කරපු ඒ තරුණිය ඇඳක වැටිලා ඉන්න හැටි. ඒ අවස්ථාවේ තමයි ඔහු මේ ගීතය ඇය වෙනුවෙන් ගායනා කරලා තියෙන්නේ.
කොච්චර ලෙඩ වෙලා හිටියත් අමාරුවෙන් මුමුණලා ලෙඩ ඇඳේ හිටිය තරුණිය කියලා තියෙන්නේ ‘‘That is my favorite Song‘‘ කියලා. ඒ දවස කවදාවත්ම අමතක වෙන්නේ නෑ කියලා කීර්ති පැස්කුවෙල් හිරු ගොසිප් අපිත් එක්ක කීවා. මුදල් වෙනුවෙන් කලාව පාවා දෙන සමාජයක මෙම කලාකරුවා සැමට ආදර්ශයක්. ඒ අවසන් මොහොත මේ අයුරින් කැමරාවක සටහන්ව තිබුණා.

ඒ වීඩියෝව පහතින්....
Post a Comment