Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Aging and Male Sexual Desire In Lankan Parliament: Women Parliamentarians Facing Sexual Harassment At The Parliamentary Complex  

නාකි විසේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් 
අපහසුතාවයේ

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී කාන්තා මන්ත්‍රීවරියන් කිහිප දෙනකුට ලිංගික හිංසන සිදුකිරීමක් පිළිබඳ වාර්තා වනවා.
මේ චෝදනාවත් සමග සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය පිළිබඳ ඉතාමත් සැලකිලිමත් වන ලෙස රජයේ ඉහළම නිලධාරීන් අවවාද කර ඇති බවයි පාර්ලිමේන්තුවෙන් වාර්තා වන්නේ.

මෙම චෝදනාව කර තිබෙන්නේ ඇතැම් මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් මන්ත්‍රීවරියන් කිහිප දෙනෙකු අසීරුතාවට පත්වන ආකාරයෙන් හැසිරීම හා ඇතැම් අසභ්‍ය ප්‍රකාශයන් සිදු කිරීම නිසයි.
එවැනි හිංසනයකට ලක්වූ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් පවසා ඇත්තේ ඉතා වයෝවෘද්ධ මන්ත්‍රීවරයකු තමන්ගේ අත නිතරම ඇල්ලීමට උත්සාහ කරන බවයි.
ඔහු සෑම විටම තමන් දුටු ගමන් අතට අත දීමටද දැඩි කැමැත්තක් පළ කරන බවද ඇය පවසා තිබෙනවා.
තවත් මන්ත්‍රීවරියන් කිහිපදෙනකුම චෝදනා කර ඇත්තේ මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු තමන්ගේ අඟ පසඟ පිළිබඳව අසභ්‍ය ලෙස කතා කරමින් විහිළු කරන බවටයි.
මේ අතර 75 හැවිරිදි අමාත්‍යවරයෙකු පසුගියදා පාර්ලිමේන්තු පුස්තකාලය අසලදි මන්ත්‍රීවරියකට අසභ්‍ය විහිළුවක් කිරීමෙන් පසු ඇය ඊට කෝප වී ආරවුලක්ද හට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් තරුණ මන්ත්‍රීවරුන් ඉතා සංයමයකින් පාර්ලිමේන්තුවේ හැසිරෙන බවත් වයස්ගත මන්ත්‍රීවරුන්ට සාපේක්ෂව තරුණ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හොඳ බවත් මන්ත්‍රීවරියන් පවසා තිබෙනවා.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels