Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Fake pilot caught by aviation voice  

ගුවන් සේවයේ ජොබ් දෙනවැයි කියා
තරුණියන්ගෙන් මුදල් කඩාගත් 
හොර පයිලට්ගේ ජිල්මාට් මාට්ටු

Photoshop වලින් මූණු හදලා
ෆේස්බුක් එකේ දාගෙන ඉඳලා
ගුවන් සේවා ක්ෂේත්‍රයේ  රැකියාවක නිරත වන්නට ඇතැම් තරුණ තරුණියන්ට ඇත්තේ සිහිනයක්.  ඒ සිහිනය වෙනුවෙන් බොහෝ දේවල් කැපකරන්නට ඇතැමුන් කටයුතු කරනවා. එය ඉත්තක් කොට ගෙන ගුවන් සේවා ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් තරුණ තරුණියන්ගෙන් ලක්ෂ ගණන් මුදල් වංචාකළ අයෙකු පිළිබඳව හිරු ගොසිප් අපට තොරතුරු වාර්තා වුණා. 
Aviation නමින් පවත්වාගෙන යන ගුවන්සේවා පුහුණු පාසැලක ෆේස්බුක් ගිණුමේ මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර ඇති අතර පසුව ඒ පිළිබඳව දැනුවත් වීමෙන් අනතුරුව ඔහුගේ වංචාවන්ට හසුවූ තරුණ තරුණියන් රැසක් ඒ පිළිබඳව දැනුවත් කර තිබෙනවා.
මොහු ෆේස්බුක් ඔස්සේ ව්‍යාජ නමකින් පෙනී සිට ඇති අතර Photoshop මඟින් ඡායාරූප සංස්කරණය කර ඔහු ගුවන්යානයක සේවය කරන බව හඟවන්නට ඡායාරූප රැසක්ද පළකර තිබෙනවා. 
එමෙන්ම ඔහු විසින් තරුණියන් මුලාකර මුදල් විශාල ප්‍රමාණයෙන් බැංකු ගිණුම් වලට දමාගෙන ඇති අතර රැකියාවක් බලාපොරොත්තුවෙන් ඔහුගේ බොරුවලට රැවටුණු පිරිස් මේ වන විටත් පොලිසිය වෙත ගොස් මෙම වංචාකාරයාට එරෙහිව පැමිණිලි කර තිබෙනවා.
මෙය නොදන් තවත් බොහෝ පිරිසක් සිටින්නට හැකි බැවින් ඔවුන්ද දැනුවත් කිරීම ඔබේ වගකීම වන අතර මොහු පිළිබඳව තොරතුරු දන්නේ නම් පොලිසිය දැනුවත් කරන ලෙසද ‘‘Aviation Voice‘‘ ෆේස්ගිණුමේ කළමණාකරු අප හමුවේ පවසා සිටියා.
තරුණ තරුණියන් රැවටූ වංචාකාරයාගේ පැටිකිරිය පහතින්...









0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels