Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Wariyapola police oic caught drunk on duties  

වාරියපොළ OIC ත් වැඩේ අනාගනී

වාරියපොළ පොලිස් ස්ථානාධිපතිවරයා පෙරේදා (18දා) සවස බීමත්ව රාජකාරි කරමින් සිටියදී කුරුණෑගල සිට යවන ලද සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනකුගේ අතටම හසුවී තිබේ.
බීමතින් රාජකාරියේ යෙදී සිට බව කියන වාරියපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. එන්. ප්‍රියන්ත මහතාගේ වැඩ තහනම් කරන ලෙස පොලිස්පතිවරයාට නිර්දේශ කොට ඇති බව කුරුණෑගල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සේනාරත්න මහතා පැවැසීය.

ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා කුරුණෑගල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බවද ඔහු පැවැසීය.
එම පොලිස් ස්ථානාධිපතිවරයා බීමත්ව රාජකාරි කරමින් සිටින බවට කොළඹ පොලිස් මූලස්ථානයේ පොලිස්පති උපකාරක මැදිරියට ලැබුණු හදිසි පණිවුඩයක් මත පෙරේදා සවස 5.50ට පමණ අදාළ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනා හදිසියේම වාරියපොළ පොලිසියට යවන ලදැයි වාර්තා වේ.
සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනා පොලිස් ස්ථානයට යන විටද පොලිස් ස්ථානාධිපතිවරයා එහි සිට නැත. පසුව ඔහු පොලිසියට ගෙන්වා කුරුණෑගල රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමෙන් පසු ඔහු පොලිස් ස්ථානාධිපති කාර්යාලයෙන් ඉවත් කොට ඒ සඳහා එම පොලිසියේ වෙනත් උසස් නිලධාරියකු පත් කොට තිබේ. බීමත් පොලිස් ස්ථානාධිපතිවරයා පිළිබඳව කුරුණෑගල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා පරීක්ෂණ පවත්වාගෙන යයි.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels