Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

School boy rob case mundalama  

රගුපතිගේ ගෙට පැනලා ලක්ෂ 2කුත් උස්සලා 
ට්‍රිප් ගිහින් ෆෝන් 4ක් ගත්ත ඉස්කෝලේ යන 
කොලු ගැන්සිය අතේ මාට්ටු

නිවසක් බිද රුපියල් 230,000 ක මුදලක් සොරකම් කළ බව කියන වයස අවුරදු 14 ක පාසල් සිසුවෙකු ඇතුළු බාල වයස්කාර සැකකරුවන් 4ක් මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම පොලිස් වසමේ උඩප්පුව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු සහ ඔහුගේ මිතුරන් කිදෙනෙකුයි. අත්අඩංගුවට ගෙන ඇති  සෙසු සැකකරුවන් වයස අවුරුදු 16,17 සහ 19 පසුවන අයවළුන් බව පොලීසිය පවසනවා.

උඩප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන එස්.රගුපති යන අයගේ  නිවස පසුගිය 15 වැනිදා බිඳ එහි තිබූ මුදල් සොරකම් කර තිබුණු අතර තම නිවසේ සිදුවී ඇති මුදල් සොරකම සම්බන්ධයෙන් සොයා බලා ඇති ව්‍යාපාරිකයා 18 වැනිදා මේ බව පැමිණිල්ලක් කරමින් මුන්දලම පොලීසියට පවසා තිබෙනවා.
ඒ අනුව ක්‍රියාත්මක වී ඇති මුන්දලම පොලීසියේ නිලධාරීන් මුලින්ම සැකපිට වයස අවුරුදු 14 ක් වන පාසල් සිසුවාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී සෙසු සැකකරුවන් සම්බන්ධයෙන්ද තොරතුරු හෙලිවී තිබෙනවා.
ඒ අනුව ඔවුන්වද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තම කණ්ඩායම විසින් මෙම නිවස බිඳ මුදල් සොරකම් කිරීමෙන් පසුව වෑන් රථයක් කුලී පදනම මත ලබා ගෙන විනෝද චාරිකාවක නිරත වූ බවත්, එම චාරිකාව අතර දුරකථන 04 ක් සහ ඇදුම් පැළදුම්ද මිළදී ගත් බවත්, ඉතිරි මුදල් ආහාර පාන ලබා ගැනිම සදහා වියදම් කළ බවද සැකකරුවන් පොලීසිය හමුවේ පවසා තිබෙනවා.
සැකකරුවන් විසින් මිළදී ගෙන තිබුණු දුරකථන 04 ක් සහ ඇදුම් පැළදුම්ද පොලිස් බාරයට ගෙන ඇති අතර ඔවුන්ව පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels