Jan
31
ලංකාවේ කෙල්ලෙකුගෙන්
ඕස්ට්‍රේලියාවේ හෝටලේකදි
කෝලිට අමතක නොවන ටෝක් එකක්
කෝලි කියන්නේ අපේ රටේ සමහර කොල්ලෝ කෙල්ලොන්ට නම් වැඩිය පේන්න බැරි චරිතයක්.. මොකද මනුස්සයා පිට්ටනියේ දාන ෂෝ වැඩිය කාටවත් දිරවන්නේ නැති නිසා. හැබැයි කෝලි කියන්නේ පිතිකරුවෙක් විදියට දක්ෂ ක්‍රීඩකයෙක් කියලා අමතක කරන්න එපා.
මේ කියන්නේ ඒ විදියට කෝලිට අමතක නොවන කතාවක් කීව අපේ රටේ කෙල්ලෙක් ගැන. එයා ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉන්දීය ක්‍රිකට් ටීම් එකත් මේ දවස් වල ඉන්නේ එහේ. මේ ළඟදි දවසක කෝලි එයා නැවතිලා ඉන්න හෝටලේට ඇවිත්. ඔය අතරේ අපි කලින් කීව ලාංකික තරුණියත් ඒ හෝටලේ ඉඳලා. ඒ උදේ කෑම වේල ගන්න.
එක පාරටම කෝලිගේ මැනේජර් අර තරුණියට කියලා තියෙන්නේ ‘‘උදේ කෑම වෙලාවේ බෑ කියලා‘‘ අන්දුන් කුන්දුන් වුණු මේ තරුණිය මැනේජර්ගෙන් අහලා ‘‘මොනවද බැරි‘‘ කියලා. මැනේජර් කියලා ෆොටෝ ගන්න එක කියලා.
ඊට පස්සේ තරුණිය අහලා තියෙන්නේ ‘‘ෆොටෝ ? ? කා එක්කද කියලා..
පහතින් තියෙන්නේ ඒ විදියට දෙන්නා අතර ඇතිවුණු සංවාදය...
මැනේජර් - සොරි, කෑම වෙලාවේ බෑ
තරුණිය - මොනවද කෑම වෙලාවේ බැරි ?
මැනේජර් - ෆොටෝ ගන්න
තරුණිය - ෆොටෝ ? කාත් එක්කද ?
කෝලි - නෑ, එයා හිතලා තියෙන්නේ ඔයා මගෙත් එක්ක ෆොටෝ එකක් ගන්න ආවා කියලා.
තරුණිය - මං මොකටද ඔයා එක්ක ෆොටෝ ගන්නේ ? ඔයා කවුද ? ඔයා මොකේට හරි ජනප්‍රියයිද ?
ඔය විදියට ඉවර වුණු සංවාදයෙන් පස්සේ කෝලි මැනේජර්ගේ මූණ බලලා එතනින් යන්න ගිහින් තියෙන්නේ සොරි කියලා. පස්සේ සිද්ධ වුණු දේ ගැන තරුණිය හෝටලේ අය දැනුවත් කළාම ඒකට සමාවෙන්න කියලා තිබුණාලු.
කොල්ලෝ කෙල්ලෝ කියලා බේදයක් නෑ ඉතින්. ලංකාවේ ගොඩ දෙනෙක් කෝලිට සලකන්නේ ඒ විදියට තමයි.
මේ තමයි සිද්ධ වුණු කතාව තරුණියගේ පෙම්වතා ෆේස්බුක් එකට දාලා තිබ්බ හැටි....
Post a Comment