Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Mother daughter killed in dematagoda accident.  

දෙමටගොඩදී දැරියකට මවත් නැගණියත් 
අහිමිකළ වයස 15 කෝටිපති පුතාගේ 
රථගායේ පැටිකිරිය - වීඩියෝ

කාන්තාව මීටර් 20ක් විසිවෙලා
දියණිය  මීටර් 40ක් විසිවෙලා
කාර්එක මීටර් 52 ගිහින් නතරවෙලා


මවක සහ දියණියක ජීවිතක්ෂයට පත්කරමින් දෙමටගොඩ ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර පලාගිය රථය පැද වූ පාසල් සිසුවාගේ අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්දයෙන් මේ වන විට විවිධ කතා පැතිරෙමින් පවතිනවා. ඔහුගේ  මවද ඊයේ (18) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.  

මේ අතර අනතුරින් මිය ගිය දෙදෙනාගේ දේහයන් මේ වන විට ඔවුන්ගේ ඥාති නිවසක තැන්පත් කර තිබෙනවා.  රියදුරුගේ මව කිරිදෙන මවක් බැවින් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධව යළි අවධානය යොමු කරන ලෙසට විත්තියේ නීතීඥයින් කළ ඉල්ලීමකට අනුවයි. සිය දරුවාට වරදකට අනුබල දීමේ චෝදනාව මවට එල්ල වී ඇති අතර  මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ ඇයද ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

සිදුවූ මාරක රිය අනතුරේදී පදික කාන්තාව මීටර් 20ක් ඉදිරියටද ඇගේ දියණිය මීටර් 40ක් ඉදිරියටද විසිවී ඇති බවත්, අදාළ කාර් රථය මීටර් 52ක් පමණ ඉදිරියට ගොස් නැවැතී තිබූ බවත් දෙමටගොඩ පොලිසිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (18දා) දන්වා තිබෙනවා.

මාරක රිය අනතුරින් මියගොස් තිබුණේ බොරැල්ල, බේස්ලයින් මාවත, අංක 148/ටී 20 වත්ත පදිංචිව සිටි 47 හැවිරිදි වීරසිංහ ආරච්චිලාගේ අනුලා (මව) සහ 10 හැවිරිදි සමාධි රෂ්මිකා (දියණිය) යන අයයි.

වයස අවුරුදු 15ක ළමයකු විසින් පදවන ලද අංක එන්.සී.කේ.ටී. 5521 දරන කාර් රථය, ඉකුත් 16 වැනි දින රාත්‍රි 8.50ට පමණ දෙමටගොඩ, බේස්ලයින් පාර, මවුන්ට්මේරි පදික මාරුව මතින් පාර මාරුවෙමින් සිටි කාන්තාවක සහ ඇගේ දියණියගේ ඇඟේ හප්පා යටකර මරණය සිදුකිරීම සම්බන්ධයෙන්, මෙතෙක් සිදු කළ පරීක්‍ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අනුරුද්ධ මහින්දසිරි මහතා විසින් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

රිය අනතුර සිදු කළ සැකකාර සිසුවාට සහ ඇයගේ මවට ඇප ලබා දුනහොත්, විශාල මහජන උද්ඝෝෂණයක් ඇතිවී මහජන සාමය කඩවීමක් සිදුවී, ප්‍රදේශයේ නිසංසලතාවට බාධාවක් විය හැකි බැවින්, ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම පියාද අහිමිව සිටියදී තම මව හා නැගණිය ලොවින් සමුගත් දුක දරාගෙන සිටින සහෝදරිය පවසන්නේ මෙයට සාධාරණයක් ඉෂ්ටකරන ලෙසටයි.

සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ වාර්තාව ඇතුලත් වීඩියෝව පහතින්.....

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels