ඇඹිලිපිටිය සිද්ධියට අදාල පොලිසියේ 21ක්
අත්අඩංගුවට ගන්න කතාව
බොරුවක් වෙලා
ඇඹිලිපිටිය සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් 21 දෙනෙකු අත්අඩංගුවට ගත යුතු බවට පොලිසිය සිදුකල විමර්ශණ වාර්තාවේ ඇති බවට පළවු මාධ්‍ය වාර්තා අසත්‍ය බව පොලිසිය පවසනවා.
මෙම සිද්ධියට සම්බන්ධයෙන් සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සි ඩී වික්‍රමරත්න මහතා සිදුකල වාර්තාව පොලිස්පතිවරයාට එවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කලේ.
සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් 21 දෙනා අත්අඩංගුවට ගත යුතු බවට එම අතුරු වාර්තාවේ සඳහන්ව ඇති බව නොයෙක් මාධ්‍ය වාර්තා පළව ඇතැයි පොලිසිය පෙන්වා දෙනවා.
ඇඹිලිපිටිය තරුණයාගේ මරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් සිදුකරන විමර්ශණය සහ සිදු කෙරෙන මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වීමෙන් පසු නිගමනයකට එළඹිය යුතු බව එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර නිකුත්කල නිවේදනයේ දැක්වෙන්නේ.
Post a Comment