Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Anjelo mathews speaks about new zealand tour  

,

නවසීලන්තෙදි මැච් පැරදිලා, 
ක්‍රීඩකයෝ මහ රෑ පාටිවලට ගියපු කතාවට 
මැතිව්ස් උත්තර දෙයි - වීඩියෝ


නවසීලන්ත තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිරි අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවුණේ ඔවුන් සහභාගී වූ සියලු තරගාවලි පරාජය වීම නිසයි.  ශ්‍රී ලංකා කණ්ඩායමට එවන් ඉරණමක් අත්වුණේ ඇයි. ඊයේ (13) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට හේතු පැහැදිලි කළා. 

තරගාවලියට එක් වූ නවක ක්‍රීඩකයින්ගේ අත්දැකීම් මදිකමද  තරගාවලි පරාජයට ප්‍රබල හේතුවක් වූ බව මැතිව්ස් පවසනවා. 

‘‘අපි හොදට ක්‍රීඩා කළේ නැහැ. තරගාවලි තුනම පරාජය වීම ගැන අපි බොහොමත්ම කනගාටු වෙනවා. අපිට කරන්න පුළුවන් සියලු දේ අපි කළා එහිදී. අපේ පුහුණුවීමේදී අපේ ප්ලෑනින් ඒ කිසි දෙයක් අපිට වැඩ කළේ නැහැ.- ‘‘

‘‘අත්දැකීම් ඉන්න ක්‍රීඩකයෝ හිටියානම් ඒ සිටුවේෂන්ස් හොඳට හැඩ්ල් කරන්න තිබුණා. නමුත් අපිට අවශ්‍යම මොහොතවල්වලදී අපි ඒ සිටුවේෂන්ස් හැඩ්ල් කළේ නැහැ. ඉතිං අපි ඒකයි ඒ තරග පරාජය වුණේ. 


මේ කණ්ඩායම ගොඩක් ලාබාල හින්දා හුගාක් කරන මිස්ටේක්ස් එළියට පේනවා. මේක එක්ස්කියුස් එකක් නෙමෙයි. අත්දැකීම් නැති වුණත් ඒ ඉන්න කණ්ඩායම හොදයි ස්කිල් එක අතින්. මං විශ්වාස කරනවා ඔවුන් සෙල්ලම් කරන්න සෙල්ලම් කරන්න තව ඉගෙන ගනී කියලා.‘‘
අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් ද පරාජය වීමත් සමග මෙරට බොහෝ සමාජ ජාල වෙබ් අඩවි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට චෝදනා කළේ එම තරගයට පෙරදින  අලුයම තෙක් ඔවුන් සාදයකට එක්ව සිටි බවටයි.  ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා එම චෝදනාවට ද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පිළිතුරු ලබාදුන්නා. 

‘‘සාමාන්‍යයෙන් මේක අලුත් දෙයක් නෙමෙයි. තරගාවලියක් පැරදුනාම විවිධ චෝදනා එනවා. පරාජය වෙන්න ක්‍රීඩා කරන්නේ නැහැ. අපි පුළුවන් උපරිමයෙන් ක්‍රීඩා කරනවා. නමුත් සමහර අවස්ථාවලදී පරාජයට ලක් වෙනවා. එතකොට අපේ ඉන්න ෆෑන්ස්ලත් අපිත් එක්ක ටිකක් තරහ වෙනවා. ඒක අපි දන්නවා. මම නායකයෙක් විදිහට මම දකින්නේ අපි කවුරුහරි හෝ ඒ කණ්ඩායමේ නීතිමාලාවන් කඩ කරලා තියෙනවානම් ඒ අයට කිසිම සමාවක් දෙන්නේ නැහැ. ක්‍රිකට් ආයතනය, කළමනාකරු එකතු වෙලා ඒ අයට අවශ්‍ය දඩුවම් ලබාදෙයි. අපි මේ දේවල්වලින්, මේ අත්දැකීම්වලින් ශක්තිමත් වෙලා ඉතිරි තරගවලදී හොදින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.‘‘

මැතිව්ස් එහිදී කී සම්පූර්ණ කතාව පහතින්...


0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels