වැරදිලා විශ්ව රූ රැජින කරපු සුරූපිනිය
පළමුවරට නිවේදකයා මුණගැහිලා
සිද්ධ වුණු අපූරු සංවාදය - වීඩියෝ
ඇමරිකාවේ ලාස් වේගාස්හිදී පසුගියදා මිස් යුනිවර්ස් තරගාවලියේදී අනුශුරතාව දිනු සුරූපිනියට ශුරතාව ලබාදීමේ සිදුවීම ගින්නක් සේ පැතිර ගියා. ඒ අවසන් මහා තරගයේ දී නිවේදකයාට වූ වැරදීමක් හේතුවෙන්.
ඒ අනුව දෙවෙනි ස්ථානය හිමිකරගත් කොළොම්බියාවේ තරඟකාරියට කිරුළ පැළඳවූ අතර කෙසේ වෙතත් ඇයට එහි අයිතිය ලබන්නට වැඩි වේලාවක් හිමි වුයේ නැහැ. නිවේදකයා සමාව අරගෙන වැරද්ද සකස් කළා.
කොළොම්බියාවේ අරියද්නා ගුටරෙස් (Ariadna Gutierrez) - මිස් යුනිවර්ස් අනුශුරතාව නිල වශයෙන් හිමිකර ගත්තා. නිවේදකයාගේ වරද නිසා අරියද්නා විශ්ව රූ රැජිණිය බවට පත්වූයේ විනාඩි හතර හමාරකට පමණයි. මේ නිසාම එහි කිරුළ ජයගත් පිලිපීන තරගකාරියටත් වඩා ඇය ගැන විශාල ප්රසිද්ධියක් ඇතිවුණා.
අරියද්නා අවසන් තරගයේදී සිදුවූ අපකීර්තිය වෙනුවෙන් නීතිය හමුවට යනු ඇතැයි කතා පැතිරුණද සිද්ධියෙන් පසු නිහැඬියාවක සිටි ඇය ට්විටර් පණිවිඩයක් තබමින් තමාව සැනසූ සියල්ලන්ට ස්තූතිකර නව රූප රැජිණියටද සුබ පැතුවා.
ළගදී දවසක අනුශූරතාව දිනු රූ රැජින අරියද්නා ගුටරෙස් නිවේදක Pia Wurtzbach සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. එය ගොඩක් හැඟීම්බර එකක් වුණා. නිවේදක පී වර්ට්බැජ් ඇරෙන්ඩා ගෙන් විමසා සිටියේ "මම තරගය හසුරවපු ආකාරය කොහොමද ඔබට හැඟෙන්නේ කියාය.
එවිට ඇය කියාසිටියේ ස්ටීව් ඔබ මුලින්ම කියවන්න ඉගනගන්න. මම හිතුවේ ඔබ විහිළුවක් කළා කියලා. ඒත් සමගම ඈ විමසා සිටියේ “ඔයාට මාව නේද දිනවන්නට ඕන කරලා තිබුණේ“ එවිට ඔහු කියාසිටියේ එහෙමත් වෙන්න තිබුණා. යනුවෙනි.
Post a Comment