කුලි ගෙදර හිටපු චීන කාන්තාවට
ගෙදර හිටපු අවුරුදු 14 ක කොල්ලා
කරපු වැඩේ
අවුරුදු 14 ක පාසල් සිසුවෙකු තමන්ගේ නිවසේ කුලියට සිටි චීන කාන්තාවකට ලිංගික අතවරයක් කර තිබෙනවා. චීන කාන්තාව සංචාරක සමාගමක සේවය කරන අතර ලිංගික අතවරය කළ සිසුවාගේ නිවසේ කාමරයක් කුලියට ගෙන ඇය පදිංචිව සිටි තිබුණා.
පසුගිය 24 වැනිදා චීන කාන්තාව කාමරයේ නිදා සිටින අවස්ථාවේ සිසුවා පැමිණ ඇයට ලිංගික අතවරයක් කර ඇති අතර පසුව ඔහු ඇයට තම ඇඟ සම්බාහනය කරන ලෙස පවසා තිබෙනවා. නමුත් ඇය ඊට අකමැති වූ නිසා සිසුවා ඇයගේ මුහුණට පහර දී ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ.
පසුව චීන කාන්තාව ඒ ගැන දෙහිවල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කලුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර පසුව ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කර තිබුණා.
කෙසේ වෙතත් සැකකාර සිසුවාව දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක මහෙස්ත්‍රාත් ප්රහර්ෂා රණසිංහ මහත්මිය විසින් ඔහුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරිමින් මවුපියන් හට භාර දීමට නියෝග කර තිබෙනවා.
Post a Comment