පත්තරේ මංගල යෝජනාවෙන් ආපු අනංගයා
50 හැවිරිදි මනමාලිට කරපු වැඩේ
පුවත් පත් මංගල දැන්වීමකින් හමුවූ ගම්පහ ප්ර දේශයේ පදිංචි අවුරුදු 50 ක කාන්තාවක් විවාහ කර ගන්නා බවට චාටු බස් දමා රුපියල් හාරලක්ෂයකට අධික මුදලක් වංචා කර තිබෙනවා.
මේ වංචාකරු අදාළ කාන්තාව හඳුනාගෙන ඇත්තේ පුවත්පත් මංගල දැන්වීමක් මගින්. පසුව දුරකතනය ඔස්සේ ඇය සමග පෙම් සබඳතාවක් පවත්වන අතර ඔහු පවසා තිබුණේ තමා පෞද්ගලික බැංකුවක කළමණාකරුවෙකු බවයි.
කෙසේ වෙතත් මේ කාන්තාව රැවටූ සැකකරු මිතුරකුගෙන් ලබාගත් ණයක් හදිසියේ දීමට තිබෙන බව කියමින් රුපියල් එක්ලක්ෂ අනූහයදාහක මුදලක් මේ කාන්තාවගෙන් ඉල්ලා ඇති අතර ඇය කිසිදු පැකිළීමකින් තොරව එම මුදල් බැංකු ගිණුමකට බැර තිබෙනවා.
පසුව මෙම කාන්තාවට ඔහු ගැන සැක සිතීම නිසා ඇය මල්වතුහිරිපිටිය පොලිසියට ඒ ගැන පැමිණිල්ලක් කර තිබෙනවා.
ඒ අනුව පොලිසිය කළ පරීක්ෂණවලදී මෙම ප්රධාන සැකකරු බැංකු කළමනාකරුවකු නොවන බවත් ඔහු වරින්වර මුදල් ගෙන්වාගෙන ඇත්තේ වෙනත් පුද්ගලයකුට අයත් බැංකු ගිණුමකට බවත් තොරතුරු අනාවරණය වී තිබුණා.
කෙසේ වෙතත් අදාළ බැංකු ගිණුම් හිමියා මල්වතුහිරිපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Post a Comment