17 හැවිරිදි ගැබිණි අක්කාගේ
පහත් ආශාවන්ට අවුරුදු 7 ක නංගී බිලිවෙයි
වයස අවුරුදු හතක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 17 හැවිරිදි ගැබිණි තරුණියක් ගැන තොරතුරක් තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
දූෂණයට ලක්වූ දැරියව ඇගේ මව දිය නෑමට ගොස් නැවත එනතුරු 17 හැවිරිදි ගැබිණි තරුණියගේ නිවසේ නවතා ගොස් තිබෙනවා.
ඒ අවස්ථාවේදීයි අදාළ ගැබිණි තරුණිය ඇගේ පහත් ආශාවන් සඳහා මෙම දැරිය යොදා ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් පසුව දැරිය නිවසට පැමිණ මවට මේ ගැන පවසා තිබෙනවා.
ඉන් පසුව දැරියගේ පියා මේ පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
පොලිසිය විසින් මුලික විමර්ශනයක් පවත්වා ගැබිණි තරුණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර අධිකරණය දැරිය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් කැඳවා තිබෙනවා.
කෙසේ වෙතත් පසුව ගැබිණි තරුණිය ඇප මත මුදා හැර තිබුණා.
Post a Comment