ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ප්‍රතිඵලේ මෙන්න
අද (03) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් තිලංග සුමතිපාල ක්‍රිකට් සභාපති තනතුරට තේරී පත්වුණා. ඒ, ඡන්ද 88ක් ලබාගනිමින්. ඔහුගේ ප්‍රතිවාදී පිල නියෝජනය කළ නිශාන්ත රණතුංගට හිමිවූයේ ඡන්ද 56 ක් පමණයි. උප සභාපති ධුර ජයන්ත ධර්මදාස සහ කේ. මතිවානන් හිමිකරගත් අතර, ඔවුන්ට ඒ සඳහා ඡන්ද 102ක් සහ 90ක් බැගින් හිමිවුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරයක් සඳහා තරඟ කළ අමාත්‍ය අර්ජුන රණතුංගට හිමිවූයේ ඡන්ද 80ක් පමණයි.
හිරන්ත පෙරේරා තරඟයෙන් ඉවත්වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ධුරයට මොහාන් ද සිල්වා නිතරඟයෙන් තේරී පත්වුණා.
උප ලේකම් ධුරය රවීන් වික්‍රමරත්න හිමිකරගත්තේ ඡන්ද 113ක් හිමිකරගනිමින්.
ෂම්මි සිල්වා ඡන්ද 115 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාර ධුරයට තේරී පත්වුණා. උප භාණ්ඩාගාරික ධුරය හිමිවූයේ ඡන්ද 108ක් ලබාගත් ලලිත් රඹුක්වැල්ලටයි.
උපුටාගැනීම

Post a Comment