ගැබිණි මව යටකළ ලොරියේ රියදුරුට
ගුටිදුන් දෙදෙනෙකුට වැඩ වරදී
නුවරඑළියේ සිට මහනුවර දක්වා ඉකුත් (28.12) වැනිදා ධාවනය වූ ලොරි රථයකට යටවී කොත්මලේ රම්බොඩ වෙදමුල්ල ප්‍රදේශයේදි ගැබිණි කාන්තාවක් අනතුරට පත්වි මිය යෑමෙන් පසු එම ලොරි රථයේ රියදුරාට අමානුෂික ලෙස පහරදි ලොරි රථයට අලාභ හානි සිදුකළ සැකකරුවන් දෙදෙනෙක් කොත්මලේ පොලිසිය මගින් අද (03.01) අළුයම සිදුකළ විශේෂ මෙහෙයුමක්නි පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොත්මලේ වෙදමුල්ල වතුයායේ පදිංචි මෙම ප්‍රධාන සැකකරුවන් දෙදෙනා විඩියෝ දර්ශන මගින් හදුනා ගැනිමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු හදුනා ගෙන ඇති බවත් එම සැකකරුවන්ද අත්අඩංගුවට ගැනිම සදහා කටයුතු කරන බවයි කොත්මලේ පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (04.01) නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
උපුටාගැනීම

Post a Comment