Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Raini charuka gunathilaka reply to facebook comment  

දුව ශ්‍යාමි නදීෂාව අම්මට අමතකද ඇහුවම 
රයිනිට මළපැනලා ෆේස්බුක් දැම්ම කතාව

රූකාන්ත හා චන්ද්‍රලේකාගේ දියණිය වන රයිනි චාරුකා පසුගියදා ඇයගේ අනෙක් සහෝදරිය ඇතුළු පවුලේ සාමාජිකයින් සිටින ඡායාරූපයක් ෆේස්බුක් ඔස්සේ පළකර තිබුණු අතර එයට ඇයගේ රසිකාවියක් කමෙන්ට් එකක් දමා තිබුණේ ‘‘ඔයාගේ අම්මාට අනිත් දුව අමතක ඇති නේද‘‘ යනුවෙන්  පළකරමිනුයි. 
මේ පිළිබඳව ඇයට රයිනි විසින් පිළිතුරක් ලබාදී තිබුණු අතර ඇය පවසා තිබුණේ අපේ රටේ සමහර මිනිසුන්ගේ මානසිකත්වය ගැන ඇයට කණගාටු බවයි. ‘‘ඇහුවොත් සංස්කෘතිය, ගුණ වරුණා ගැන කතා කෙරුවට මේක තමයි මිනිස්සුන්ගේ හැටි, කොටින්ම කීවොත් මිනිස්සුන්ට කතා කරන හැටි බලන්න‘‘ යනුවෙන් ද එහි සඳහන් කර තිබුණි.
මෙලෙස කමෙන්ට් දමා ඇති ඡායාරූපයේ චන්ද්‍රලේකාගේ පෙර විවාහයේ දියණිය ශ්‍යාමි නදීෂා නොසිටීම සම්බන්ධයෙනුයි රයිනිගෙන් අදාල රසිකාවිය විමසා ඇත්තේ. එයට පිළිතුරු දී ඇති රයිනි පවසා ඇත්තේ පරණ කුණු ගොඩවල් අවුස්සන්නැතිව ඉන්න අපේ ප්‍රශ්න අපි බලාගන්නම් යැයි සඳහන් කරමිනුයි. එමෙන්ම රයිනි විසින් ශාමි නදීෂා සිය මව සමඟින් සිටින ඡායාරූප කිහිපයක්ද එහි පළකර තිබුණේ මවට ඇයව අමතකව නැති බව පෙන්වමිනුයි.





0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels