රජයේ ජොබ් කරන නෝනා කෙනෙකුගේ
නානකාමරය CCTV වලින් බලලා
කඩුගන්නාවේ කාලගෝට්ටියක් - Photos
‘‘තොපි ඔය කැමරාව ගලවපල්ලා
නැත්තම් තොට යහතින් ඉන්න ඉඩ තියන්නෙ නෑ,තෝව මරනවා දැනගනින්‘‘
පරිවාස නිලධාරිනියකගේ නාන කාමරය හා වැසිකිලිය දෙසට CCTV කැමරා යොමු කර නිවසේ පදිංචි කාන්තාවන්ගේ දර්ශන නැරඹීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩුගන්නාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඇය මේ සම්බන්ධයෙන් පොලිසියටද පැමිණිල්ලක් කර තිබෙනවා. මේ අතර කැමරා සවිකලායැයි කියන ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුවන්ට මරණ තර්ජන කල බව පවසමින් ඔවුන්ද කඩුගන්නාව පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බවටයි වාර්තා වන්නේ.
කඩුගන්නාව හේනාවල තෙමහල් නිවසක පදිංචි පරිවාස නිලධාරිනියකගේ නිවසේ නාන කාමරය දෙසට ඉහළමාලයේ පදිංචි කරුවන් CCTV කැමරා යොදා ගනිමින් එහි දර්ශන නරඔන බව කඩුගන්නාව පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේ අතරයි පරිවාස නිලධාරිනිය තර්ජනය කල බවට පවසමින් ව්‍යාපාරික ස්ථානයේ අය විසින් පසුගිය (9)වෙනිදා පොලිසියේ පැමිණිල්ලක් දමා ඇත්තේ.
9 වන දිනම පරිවාස නිලධාරිනියගේ සහෝදරයෙක් යැයි කියනා අයෙකු ගොඩනැගිල්ලේ බිම් මහලේ සිට ‘‘තොපි ඔය කැමරාව ගලවපල්ලා නැත්තම් තොට යහතින් ඉන්න ඉඩ තියන්නෙ නෑ, තෝව මරනවා දැනගනින්, තොට මොනවද වෙන්නෙ කියලා, පේනවා නේද එක කෙරුමෙකුට වෙච්ච දේ. ලොකු පොලිස් කෙරුමෙකුත් මගෙන් කෑවා නම් තෝ කවුද යකෝ මට‘‘ කියා ඉතාමත් පරුෂ වචනයෙන් බැන කවුරු හරි දාල තෝව මරනවා යැයිද පවසා ඇති බවටයි වාර්තා වන්නේ.
ඉන් ටික වේලාවකින් පසු පරිවාස නිලධාරිනිය ද ව්‍යාපාරික ස්ථානයට පැමිණ ‘‘මම කරන රස්සාව අනුව මට නීතියෙන් ඕන දෙයක් කරන්න පුලුවන්, ඒක නිසා තමුසෙ පරිස්සම් වෙලා ඉන්නවා‘‘ කියා බැන වැදී ඇති බවටයි වාර්තා වෙන්නේ.
කඩුගන්නාව පොලිසිය මගින් CCTV කැමරා මගින් රුගත කලා යැයි කියනා දර්ශන ඇත්දැයි පරික්ෂණ සඳහා මොරටුව විශ්ව විද්‍යාලයට එම උපාංග යැවීමට කටයුතු කර ඇති බවත් පරිවාස නිලධාරිනිය හා ඇගේ සහෝදරයෙකු ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුවන්ට මරණ තර්ජනය කිරීම සම්බන්ධවද විමර්ශන කඩුගන්නාව පොලිසිය විසින් අරඹා ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.




Post a Comment