Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Prince Udaya Priyantha Falls Sick  

සුදු මල් පොකුරක් අතින් දරා 
වෙරළ කොනක ඉඳ බලා සිටි 
මියුරු කටහඬ ප්‍රින්ස් දැන් ලෙඩ ඇඳේ

කලක් යෞවනියන්ගේ සිහින කුමරා වූ ප්‍රින්ස් අද වනවිට ලෙඩ ඇඳට වැටී තිබෙනවා.  පසුගිය දෙසැම්බර් 17වනදා දින ප්‍රින්ස් කරාපිටිය රෝහලට ඇතුලත් කළේ උණ රෝගයෙන් පෙළුණු නිසාවෙනි.
වෛද්‍යවරුන් පවසන්නේ ඔහුගේ මොළයට විෂබීජයක් ඇතුළුවී ඇති බවයි. ප්‍රින්ස්ට අසාධ්‍ය බැවින් කොළඹ නවලෝක රෝහලටද  මාරු කර ඇති බව ඔහුගේ සහෝදරිය හිරු ගොසිප් අප හමුවේ පවසා සිටියා.

මේවන විට ප්‍රින්ස්ට කතාකරගත හැක්කේ වචනයක් දෙකක් පමණි. එසේම ප්‍රින්ස් ආහාර ගන්නෙත් ඉතා අපහසුවෙන් බවයි ඈ කියාසිටියේ. 
2014 වර්ෂයේ මවගේ වියෝවත් සමග ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතා ද කම්පනයට පත්ව ඩුබායි රෝහලකටද ඇතුළත් කෙරිණි. මියගිය රෙසලින් මහත්මිය හිටපු විදුහල්පතිනියකි. සුවය ලැබූ ප්‍රින්ස් කල්ගත කළේ සිය සහෝදරියගේ නිවසෙහිය. 
මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ, සඳරේණු වෑහෙනා, සීගිරියේ කුරුටු ගීත, පෙම්වතුන් සිනාසේ, කඳුළු ගංගා, ඔබ හමුවූ දිනේ වැනි ගීත ඔහු ගායනා කළ ජනප්‍රිය ගීතයන්ය.

ප්‍රින්ස්ට උපකාරකළ හැකි අයෙක් වේනම් වැඩි විස්තර සඳහා ප්‍රින්ස්ගේ 076 9111838 /0777576128 / 0768407658 ඇමතිය හැක. 
ප්‍රින්ස්ට ඉතා ඉක්මනින් සුවය ලැබේවායැයි අපගේ පැතුමයි.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels