Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

I Raped An Underage Girl’, Says A Father Of Two  

දෙදරු පියෙක් 15 හැවිරිදි දැරියක් එක්ක පැනගිහින් 
මාට්ටු වුණාම දෙනෝදාහක් මැද 
ඇඟේ එල්ලපු අපූරූ බොඩ් එක

“මම බාල වයස්කාර දැරියක් දූෂණය කළා” යැයි සඳහන් පුවරුවක් ප්‍රදර්ශනය කරවමින් බාල වයස්කාර දැරියක් අපහරණය කළ විවාහක පුද්ගලයකුට රෝහල් ගත වන තුරු පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඳාන ‍ප්‍රදේශයෙන් වාර්තා වේ.
වාර්තාවන ආකාරය සිද්ධිය මෙසේය. කඳාන, එකේ කණුවේ වාසය කරන අවුරුදු  15 ක් වයසැති දැරියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගත් දෙදරු පියෙක් පසුගිය දෙසැම්බර් 21 දා උදෑසන එම දැරිය රහසිගතව රැගෙන ගොස් තිබේ. 

මෙම දැරිය රැගෙන යාම සම්බන්ධව කඳාන ‍පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයට ඇගේ මව පැමිණිල්ලක් ගොනු කර තිබිණි.
දැරිය සොයා ගැනීමට ‍පොලිස් පරීක්ෂණ සිදුවන අතරතුර අනුරාධපුර ප්‍රදේශයේ සිට දැරිය සිය නිවසට දුරකථනයෙන් කතාකර තිබූ අතර එම දැරියගේ මව්පියෝ යෙදූ උපායකින් අදාළ පුද්ගලයා දැරියද රැගෙන නිවසබලා එන අතරතුර ඔහු අල්ලා ගැනීමට නිවැසියන් කටයුතු කර තිබිණි. පසුව  එම පුද්ගලයාගේ දෙඅත් බැඳ පහර දී ඉහත කී “මම බාල වයස්කාර දැරියක් දූෂණය කළා” යැයි කියන පුවරුව අල්ලාගෙන ඉන්නට දී පසුව කඳාන ‍පොලිස් ස්ථානයට භාරදී තිබේ.
පහර කෑමට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා රාගම රෝහ‍ලේ වාට්ටු අංක 07 ට ඇතුළත් කර ඇති අතර බාල වයස්කාර දැරිය අපහරණය කිරීම සම්බන්ධව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. 
එම දැරිය වෛද්‍ය පරීක්ෂණය සඳහා රාගම රෝහලට භාරදී තිබූ අතර සිද්ධිය සම්බන්ධව දැරියගේ දෙමව්පියන්ගේ උපදෙස් මත දෙදරු පියාට පහර දුන් දෙදෙනකු කඳාන ‍පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටද කටයුතු කර ඇත.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels