ගුවනේදි තෙල් ඉවරවුණු හොලිකොප්ටර් යානය
අයිස් කන්දක් උඩට කඩා වැටෙයි
ඇන්ටාර්ටිකාවේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් ඕස්ට්‍රේලියානු ගුවන් නියමුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද උදෑසන මෙම හෙලිකොප්ටර් යානය පරීක්ෂණ චාරිකාවක් සඳහා ඇන්ටාර්ටිකාවේ කඳුකර ප්‍රදේශයට ඉහළින් පියාසර කරමින් සිටින අවස්ථාවේ හදිසියේම ඉන්ධන අවසන් වීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ හෙලිකොප්ටර් යානය මීටර් 20 ක තරම් උසක සිට ඇන්ටාර්ටිකාවේ අයිස් සහිත කඳුකර ප්‍රදේශයකට කඩා වැටී තිබුණා.
කෙසේ වෙතත්, රෝහල් ගත කිරීමෙන් පසුව ඔහු මියගිය බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

Post a Comment