Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

From mayor to three wheel driver ex colombo mohamed speaks  

කොළඹ නගරාධිපති වෙලා ඉඳලා
ත්‍රීවිල් ජොබ් එකට ගියපු
මොහොමඩ්ගේ කතාව - වීඩියෝ

කොළඹ නගර සභාවෙන් දේශපාලනයට අත්පොත් තබන්නන් බොහෝ දෙනෙකුගේ ඊළඟ නවතැන වන්නේ දියවන්නාවේ රට කරවන තැනයි. නමුත් කොළඹ නගරයේ ප්‍රධාන පුරවැසි භූමිකාවට කළක් පණදුන් පුද්ගලයෙකු අද කුලි ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස සේවය කරන බව ඔබට විශ්වාස කළ හැකිද ?

මේ හිටපු නගරාධිපතිවරයෙකුගේ වර්තමාන භූමිකාවයි.උවයිස් මොහොමඩ් ඉම්ටියාස් .. 2006 - 2009 කාලසීමාවේ කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයායි. 

2006 පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභා එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වීමත් සමග ඇස් කණ්නාඩිය යටතේ ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායමකට සහයෝගය දක්වනවා. 
එවක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නගරාධිපති පුටුවට තරග කළ වාසුදේව නානායක්කාර වැනි ප්‍රබලයන් ද පරාජය කරමින් කොළඹ නගරාධිපති ධුරය ලැබීමට වාසනාවන්ත වූයේ එකල වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු වූ උවයිස් මොහොමඩ් ඉම්ටියාස් නම් ස්වාධීන පක්ෂ අපේක්ෂකයායි.

උවයිස් මොහොමඩ් තමන්ගැන අදහස් දැක්වූ අයුරු පහතින්....

මෙහෙම ආරංචියක් ආවා. නගරාධිපතිවෙලා ඉන්නවා කියලා. හරි බයත් හිතුණා ඒ බයට මම මොකක්ද කළේ යාලුවෙක්ගේ ගෙදර සතියක් විතර හැංගිලා හිටියා. ඊට පස්සේ මාධ්‍යවලින් මාව ප්‍රචාරය කළා. මෙහෙම නගරාධිපතිතුමා නගරාධිපති වෙලත් තාම නගර සභාවට ආවේ නෑ. පළවෙනි සභාව ගෙනියන්න කියලා. ඊට පස්සේ කොහොම හරි මන්ත්‍රී ගොල්ලෝ එහෙන් මෙහෙන් හොයාගෙන කතා කරලා බය වෙන්න එපා ඔයා එන්න ගාලා ඉවර වෙලා ඊට පස්සේ මම නගර සභාවට පත්වීම ගන්නත් ගියේ මගේ ත්‍රිරෝද රථයෙන්ම තමයි.

මට්ටක්කුලිය - කදිරානවත්ත ප්‍රදේශයේ දුගී පවුලක ඉපදුණු මොහොමඩ් ඉම්ටියාස්ගේ පියා අදටත් කොළඹ නගර සභාවේ කම්කරු සේවකයෙක්.  ඉහළ අධ්‍යාපනයක් ලැබීමට වරම් නොලැබූ ඉම්තියාස් මට්ටක්කුලිය කාක දූපත අසල ත්‍රිරෝද රථයක් පැදවීම සිය ජීවනෝපාය කර ගත්තා.

එසේ දිවි ගෙවූ ඔහුගේ හිසට නගරාධිපති කිරුළ පැළඳෙන්නේ 2006 වසරේ සිදුවූ දේශපාලන අත්වැරැද්දක ප්‍රතිඵලයක් ලෙසයි.  කොළඹ නගරාධිපතිවරයා ලෙස ලැබෙන අසීමිත බලතල මෙන්ම පහසුකම් තමන් කිසිදා අයථා ලෙස භාවිත නොකළ බව ඉම්ටියාස් මහතා පවසනවා.

පසුගියදා පැවැති කොළඹ නගර සභාවේ 150 වැනි සංවත්සර උත්සවයට උවයිස් මොහොමඩ් මහතාට ද ආරාධනා ලැබුණා.  එම අවස්ථාවට ඔහු ඇඳුම් පැළඳුම් සහ ගමන් විදයම් සරි කරගනු ලැබුවේ තම බිරිඳගේ කරාබු යුගලය උකස් කිරීමෙන් ලද මුදලෙන් බවයි ඔහු පැවසුවේ.

මේ ඔහුගේ කතාව ඇතුලත් වීඩියෝවයි....


0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels