Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Girithale army camp closed case  

මුද්‍රා තැබුවැයි කී 
ගිරිතලේ හමුදා කඳවුරේ 
ඇත්ත කතාව

මුද්‍රා තබා ඇත්තේ ගිරිතලේ හමුදා කඳවුර නොව එහි කාර්යාල කිහිපයක් පමණක් බව යුද හමුදාව පවසනවා.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සදහන් කළේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැගිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල ස්වාධීනත්වය තහවුරු කිරීම සදහා යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත මෙලෙස කාර්යාල කිහිපයක් මුද්‍රා තැබූ බවයි. එමෙන්ම, එම කාර්යාලවල තිබූ වැදගත් ලිපිලේඛන සියල්ල යුද හමුදා පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේ ගිරිතලේ යුද හමුදා කඳවුරට මුද්‍රා තැබූ බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සදහන් කළේ එම වාර්තාවල සත්‍යතාවයක් නොමැති බවයි. එමෙන්ම, මෙය අධිකරණ ක්‍රියාමාර්ගයකට සහය දැක්වීමක් ලෙස සිදුකළ සාමාන්‍ය ක්‍රියාවලියක් බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අධිකරණයෙන් ලබාදුන් නියෝග යුද හමුදාපතිවරයා පිළිනොගන්නේ නම්, ඔහු විත්තිකරුවෙකු කරමින් නඩු පැවරිය හැකි බව අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම් දුන්නා. ඒ, මීට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැදවූ අවස්ථාවේදියි.
ගිරිතලේ - බුද්ධි බලකා කදවුර විසින් පවත්වාගෙන ගිය ලේඛන 14කට අදාළ තොරතුරු පැමිණිල්ල වෙත ලබාදෙන ලෙසට දන්වමින් අධිකරණය මගින් ඉකුත් සැප්තැම්බර් මස 28 වැනිදා යුද හමුදාපතිවරයාට නියෝගයක් ලබාදී තිබුණා. මේ වන තෙක් ඊට නිසි ප්‍රතිචාරයක් නොදක්වා අසම්පූර්ණ ලේඛන ඉදිරිපත් කරමින් සිටින බවටයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණේ. හමුදාපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels