Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Owner of worlds largest blue sapphire ponders its fate  

අතේ අල්ලක් තරම් ලොකු, ලංකාවෙන් හමුවුණු 
ලොව වටිනාම නිල් මැණිකේ 
වීඩියෝවක් එළියට - VIDEO

‘‘මම මගේ මූණ පෙන්වන්න කැමති නෑ,
එහෙම වුනොත් ආරක්ෂාවට ලොකු ප්‍රශ්නයක්..‘‘ - නිල් මැණිකේ අයිතිකරු

ලෝකයේ එතෙක් මෙතෙක් හමුවූ විශාලතම නිල් මැණික ශ්‍රී ලංකාවේ මැණික්පුරය ලෙස හැඳින්වෙන රත්නපුර නගරයෙන් හමුවී තිබෙන  බවට පසුගිය කාලය පුරා තොරතුරු වාර්තා වුණා.  

මැණික් විශේෂඥයෝ පවසන්නේ මෙහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ඉක්මවන අතර එහි  බර  කැරට් 1404.49ක් බවයි.

මේ විශාල නිල් මැණිකට  'ආදම් ගේ තාරකාව' යනුවෙන් නම් තබා තිබෙනු අතර එම මැණික මිලට ගත් පුද්ගලයා පවසා තිබෙන්නේ තමන් එය වෙන්දේසි කරනවාද නැතිනම් ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙසින් තබනවාද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණය කර නොමැති බවයි. 

තමන්ගේ ආරක්ෂාව ගැන සිතා එම මැණිකේ අයිතිකාරයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කිරීමට හෝ ඔහුගේ ඡායාරූප ප්‍රසිද්ධ කිරීමට ඔහු කැමති නැති බවටයි තොරතුරු වාර්තා වන්නේ. 
මෙම මැණිකේ වීඩියෝවක්ද විදෙස් මාධ්‍ය විසින් පළකර ඇති අතර එය පහතින් නරඹන්න.....

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels