සෙල්ලම් කරමින් සිටි දැරිය අතින් අල්ලන්
කාමරේට එක්ක ගිය කොණ්ඩයාට
තොණ්ඩු වැට්ටූ අයියා මලෝ දෙන්නා - වීඩියෝ
ගම්මු එකතුවී තරුණයා කණුවකත් බැඳලා
ගෙවී ගිය වර්ෂයේ කුඩා ළමුන්ට සිදුවූ ඇතැම් අමානුෂික සිදුවීම් සම්බන්ධයෙන් තවමත් කතා වෙද්දී 2016 වර්ෂය මුලදීම තවත් එවැනිම සිදුවීමක් සම්බන්ධයෙන් කණගාටුවෙන් වූවද වාර්තා කරන්නට සිදුව ඇත. නමුත් වාසනාවකට මෙන් මෙම සිද්ධිය වූ දැරියට කිසිදු කරදරයක් නොවී බේරාගැනීමට සමත්ව තිබීම සතුටට කරුණකි.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය. කොට්ටාවේ පදිංචි වයස අවුරුදු 6 දැරියක් ඇයගේ සහෝදරයින් දෙදෙනාත් සමඟින් මිදුලේ සෙල්ලම් කරමින් සිට තිබේ.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය. කොට්ටාවේ පදිංචි වයස අවුරුදු 6 දැරියක් ඇයගේ සහෝදරයින් දෙදෙනාත් සමඟින් මිදුලේ සෙල්ලම් කරමින් සිට තිබේ.
මෙය දුටු අසළ පිහිටි නිවසක සිටි කොණ්ඩය වවාගත් තරුණයෙක් මොනයම් හේතුවකට හෝ සෙල්ලම් කරමින් සිටි දැරියව අතින් අල්ලාගෙන ඔවුන් නැවතී සිටි බෝඩිම තුළට රැගෙන ගොස් තිබේ.
මෙය දුටු සහෝදරයින් දෙදෙනා වහාම ගොස් තමුන්ගේ සීයාට පවසා ඇත්තේ අක්කාව යම් අයෙකු පැමිණ අතින් අල්ලන් කාමරයකට එක්ක ගිය බවයි. ඒ අතරම දැරිය කෑ ගසන්නට වූ නිසාවෙන් තරුණයා පැනගොස් කැළෑවක සැඟව සිට ඇති බවට වාර්තා වේ. පසුව ක්රියාත්මක වූ ප්රදේශවාසීන් මොහුව අල්ලා ගුටි දී ලණුවකින් කණුවක ගැට ගැසීමට කටයුතු කර තිබේ.
මේසන් බාස් කෙනෙකු ලෙසින් රැකියාව කරන මෙම තරුණයා ඔහුගේ තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ ඉහත කී බෝඩිමේ නවාතැන් ගෙන සිට ඇති බවටද පැවසේ.
සිද්ධිය පිළිබඳව පොලිසියද දැනුවත් කර ඔහුව නිලධාරීන්ට භාරදීමට පසුව ප්රදේශවාසීන් කටයුතු කර ඇති අතර කුඩා දරුවන් දෙදෙනා සැලකිලිමත්ව සිටි නිසා වෙන්නට ගිය මහා විනාශයක් 99න් බේරී තිබේ.
Post a Comment