රංගනට කුසල්ට මුදලට තරඟ පවාදෙන්නැයි කීව
ටීම් එකේ කොල්ලො ළඟින්ම ඉන්න
ගේම්කාරයා
රංගන හේරත්ට සහ කුසල් ජනිත්ට මුදලට තරග පාවා දෙන්නැයි යෝජනා කළ පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග නිරන්තරයෙන් කටයුතු කරන පුද්ගලයෙක් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමන් මේ වන විට කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
පසුගියදා නිමාවුණු කොදෙව් තරග සංචාරය අතරතුරදී රංගන හේරත්ට සහ කුසල් ජනිත්ට මුදලට තරග පාවා දෙන්නැයි කිසියම් පුද්ගලයෙකු යෝජනාවක් කර තිබුණා.
පසුව ඔවුන් දෙදෙනා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් දැනුවත් කරන්නට පියවර ගත්තා.
ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් තමන් කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් කළ බවයි.
දයාසිරි ජයසේකර
‘‘පුහුණුවීම්වලට බෝලේ එවන පුද්ගලයෙකුයි, ක්‍රිකට් කණ්ඩායමත් එක්ක ගැවසෙන පුද්ගලයෙකුයි, තරග පාවාදීමේ වැඩපිළිවෙළකට උදව් දෙන්න පුළුවන් තැනක ඉන්නවායි කියන්නේ මහා භයානක කාරණයක්. මට හිතාගන්න බැහැ ඇයි මේ ක්‍රිකට් ආයතනයෙන්වත් මේව හොයලා බැලුවේ නැත්තේ කියලා. මේ සම්බන්ධව පැමිණිල්ලක් කළා මූල්‍ය අපරාධ ඒකකයට. බොහොම පැහැදිලියි මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න ඕනේ සහ ඔහුගෙන් ප්‍රශ්න කරන්න ඕනේ. මට කිහිප දෙනෙක් කිව්වා මේ ඇන්ටිකරප්ෂන්ස් සම්බන්ධව වැඩ කරන අය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නැවතිලා හිටපු හෝටලයේම කාමරවල මේ මැච් ෆික්සින් කට්ටිය නැවතිලා ඉන්නවායි කියලා. අපි හරියට මේක අල්ල ගත්තොත් අපිට පුළුවන් මේ සම්බන්ධව අවශ්‍ය කරන කටයුතු ටික කරන්න.‘‘
Post a Comment