මුහුදට යන්න බැරුව
බූස්ස වෙරළට ආව
කිලෝ 500ක් බර ඩොල්ෆින් - Photos
තුවාල ලබා බූස්ස පිටිවැල්ල වෙරළ තීරයට ඩොල්ෆින් මත්ස්‍යයෙකු ගොඩගසා තිබුණි. ඊයේ පස්වරුවේ මෙම මත්ස්‍යයා බූස්ස පිටිවැල්ල වෙරළ තීරයට ගසාගෙන විත් තිබූ අතර මුහුදේ රළු බව හේතුවෙන් ආපසු මුහුදට යාගත නොහැකිව මෙම සත්වයා අතරමංව වෙරළ ආසන්නයේ පිහිනමින් සිටි ඇත.
මෙම සත්වයා මුහුදට යැවීම සදහා ප්‍රදේශවාසින් උත්සාහයක යෙදුණද එය ව්‍යාර්ථ වී ඇති අතර ගල්පර වල ගැටීමෙන් තුවාල ලැබූ ඩොල්ෆින් පස්වරු 5.00 පමණ වන විට වෙරළට ගොඩ ගසණු ලැබිණි.
අඩි දහයක් පමණ දිග මෙම ඩොල්ෆින් මත්ස්‍යයාගේ බර කිලෝග්‍රෑම් පන්සියය (500 kg) ඉක්මවන බව ධීවරයින් පවසා තිබේ. කෙසේ නමුත් වනජීවි නිලධාරීන් පැමිණෙන විටත් ඩොල්ෆින් මියගොස් සිටි බවටද වාර්තා වේ..
උපුටාගැනීම

Post a Comment