රත්තරං වගේ ඉහළ පහළ යන
බොලිවුඩ් නළු නිළියන්ගේ
අලුත්ම ගණන් - Photos
බොලිවුඩ් චිත්‍රපට වල රඟපාන නළු නිළියන්ගේ ගණන් ඉහළ පහළ යන්නෙ හරියට රත්තරං වගේ. වෙලාවකට උඩ යනවා.. වෙලාවකට පහළට යනවා. මේ දවස්වල වැඩිම මුදලක් අය කරන සුපිරි බොලිවුඩ් තරු අතරේ පළවෙනි තැන අරන් ඉන්න තාරකාව තමයි දීපිකා පදුකෝන්.
එයා මේ දවස්වල එක් චිත්‍රපටයක් සඳහා ඉන්දියන් රුපියල් කෝටි 15 ක් ගන්නවා කියලා තමයි ආරංචිය.
දෙවැනි තැන ඉන්නෙ කන්ගනා රනාවත්. එයා අය කරන මුදල රුපියල් කෝටි 11 ක්. පහුගිය කාලේ සුපිරි තරුවක් වෙලා හිටපු කරීනා කපූර්ට හිමිවෙලා තියෙන තුන්වැනි තැන. එයාගේ ගාන රුපියල් කෝටි 9 ක් වන අතර සුපිරි නිළියක් වන ප්‍රියංකා චොප්රාද අය කරන මුදල රුපියල් කෝටි 9 ක්.
මේ ශ්‍රේණිගත කිරීමේ පහලින් සිටින අනෙක් තාරකාවන් වන්නේ විද්‍යා බාලන්, කත්‍රිනා කායිෆ්, අනුෂ්කා ෂර්මා, සෝනාක්ෂී සිංහා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා බාත්. මේ අතර වැඩිම මිලක් අය කරන බොලිවුඩ් නළුවන් අතර පෙරමුණ ගෙන සිටින්නේ සුපිරි නළු සල්මන් ඛාන්.
ඔහු එක් චිත්‍රපටයක් සඳහා අය කරන මුදල රුපියල් කෝටි 60 ක්.










Post a Comment