Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Cricket: Dasun Shanaka Slams 16 Sixes For New Sri Lanka Record  

,

ලංකාවේ කොල්ලෙක්ට 
ක්‍රිස් ගේල්ගේ රෙකෝඩ් එක නූලෙන් මිස් වෙයි

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයකදී පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරන්නට එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ නායක දසුන් ශානක සමත්ව තිබෙනවා.
අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ සැරසන්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී දසුන් ශානක මෙම දස්කම දක්වා තිබෙනවා.

එහිදි ඔහු එල්ල කළ හයේ පහර සංඛ්‍යාව 16 ක්.
මෙම ඉනිමේදි ඔහු පන්දු 46 ක් තුළ ලකුණු 123 ක් රැස් කිරීමට සමත්වුණා.
 
කෙසේ වෙතත් මෙම ඉනිම වාර්තා පොත් අතරට එක්වුණේ පන්දුවාර විස්සයි විස්ස තරගයකදි ක්‍රීඩකයෙකු එල්ල කළ දෙවන වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමක් ලෙසයි.
පන්දුවාර විස්සයි විස්ස තරගයකදි වැඩිම හයේ පහර සංඛ්‍යාව එල්ල කළ ක්‍රීඩකයා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රිස් ගේල්.
 
ඔහු එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 17 ක්.
 
මේ අතර මෙම තරගාවලියේම පසුගියදා පැවති තරගයකදීද දසුන් ශානක නොදැවී ලකුණු 131 ක් ලබා ගැනීමට සමත්ව තිබුණා.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels