උපන් දින පාටියෙදි හම්බවුණු යාලුවාගේ බාප්පාව
ගෙදරට ගෙන්නගෙන 11 වසරේ දැරියක්
කැමැත්තෙන්ම දූෂණය වෙලා
2015 වර්ෂයේ අවුරුදු 18 ට අඩු දැරියන්ගෙන් සියයට 80 ක්ම කැමැත්තෙන් දූෂණය වී ඇති බවට වාර්තාවක් පහුගිය දවස්වල දකින්න ලැබුණා. ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම බොහෝ දෙනා විවිධ මත පළ කළා. කෙසේ වෙතත් ඇතැම් දෙනා මීට හේතු ලෙස දක්වා තිබුණේ නොදැනුවත්කම සහ දෙමව්පියන්ගේ නොසැලකිලිමත් බවයි.
නමුත් අසන්නට ලැබෙන ඇතැම් සිදුවීම් නිසා ඒ කරුණු වල සත්‍යතාව පිළිබඳවද ගැටලු මතු වනවා. එවැනි පුවතක් අසන්නට ලැබෙන්නේ පෝද්දල ප්‍රදේශයෙන්.
වයස අවුරුදු 15 ක පාසල් ශිෂ්‍යාවක් සිය කැමැත්තෙන්ම දූෂණය වී තිබුණේ ඇගේ මිතුරියකගේ 21 හැවිරිදි බාප්පා කෙනෙකු සමග ඇති කර ගත් හාදකමකින්.
ආර්ථික අපහසුතා මැද ජීවත් වන මෙම දැරියගේ මව රාත්‍රි කාලයේ රැකියාවට පිටත් වීමෙන් අනතුරුව ඇය මෙම තරුණයාව සිය නිවසට ගෙන්වාගෙන තිබෙනවා.
ඇගේ පියා නිවසේ සිටියද ඔහුට හොරෙන් මෙම සබඳතාව වසරකට ආසන්න කාලයක් පවත්වා ගෙන යාමට ඇය සමත්ව තිබෙනවා. අදාළ ශිෂ්‍යාවට මෙම තරුණයා මුණගැසී ඇත්තේ තම හොදම මිතුරියගේ උපන්දිනය සදහා ඇයගේ නිවසට ගිය අවස්ථාවේදී.
එහිදි මිතුරියගේ සහාය ද ඇතිව මිතුරියගේ බාප්පා සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගත් ඇය එතැන් පටන් දෙමාපියන්ට හොරෙන් රාත්‍රී කාලයේ තරුණයාව නිවසට ගෙන්වා ගෙන තිබෙනවා. පසුව පොලිසියට මේ පිළිබද ලද තොරතුරක් මත කුලී වැඩ කරමින් ජිවත් වන අදාළ තරුණයාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Post a Comment