Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Wild pig attack at ragala  

වෙඩි කාපු වල් ඌරෙක් එල්ල කළ 
මාරක ප්‍රහාරයකින් පුද්ගලයෙකුගේ 
කකුල පැලුණු හැටි.

වෙඩි කාපු ඌරා වගේ කියන්නෙ නිකන්ද..?
ඒ වගේ වෙඩි කාපු ඌරෙක් එල්ල කළ මරාන්තික ප්‍රහාරයකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. පසුගිය දිනෙක දඩයම්කරුවෙකුගේ තුවක්කු ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ වල් ඌරෙකු කුපිත වී තම නිවස පිටුපස සිටි අදාළ පුද්ගලයාගේ අත සපා කා බරපතල තුවාල සිදුකර තබෙනවා.

පසුගිය 2 වැනිදා සවස 5 ට පමණ සිදුව මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා තිබුණේ රාගල, හල්ග්‍රන්ඔය, බෘෘක්සයිඩ් ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු පවසන ආකාරයට වත්ත පහළට කුණු දැමීමට ගිය අවස්ථාවේ ඌරා තමන්ට පහර දුන් බවයි.
ඔහු සිද්ධිය පවසා තිබුණේ මේ ආකාරයෙන්.
"ඌරා මගේ පැත්තට එනකොටම මම දැක්කා උගේ ඔළුව තුවාල වෙලා ලේ ගලනවා. ඌ ගොරවගෙන ඇවිත් එකපාරට මට ගැහුවා. කකුල් දෙකට ගහපු පාරට  මාව කකුලක් පලාගෙන ගිහින් බිම වැටුණා. ඊට පස්සේ අත හැපුවා. මමත් ඒ වෙලාවේ මරුවිකල්ලෙන් වගේ උගේ බඩට පයින්පාරක් ගැහුවා. ඊට පස්සෙ තමයි 
ඌ ගියේ "

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels