Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Tables Turned: CCD Arrests Hirunika Premachandra - VIDEO  

මහදවල් තරුණයෙකු පැහැරගත් හිරුණිකා 
අත්අඩංගුවට - වීඩියෝ

දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාශය අද ඇගේ නිවසේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. 

තරුණයෙකු පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද අලූත්කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දෙමටගොඩදී පුද්ගලයා පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන්  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට මීට පෙර උපදෙස් ලබාදී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනෙකුද මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා. එමෙන්ම සිද්ධියට සම්බන්ධ CCTV දර්ශන මෙන්ම දුරකථන සංවාද පරීක්ෂා කිරීමෙන් අනතුරුව පැහැරගත් ස්ථානයේ සිටි දැරියගේ ප්‍රකාශයෙන්ද සිද්ධියට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධ බවට තොරුතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වුණා.

හිරුණිකා අත්අඩංගුවට ගත් අවස්ථාවේ වීඩියෝව පහතින්....




0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels