Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Selfie banned from indian city  

මරණයක් නිසා 
සෙල්ෆි තහනම් කළ නගරයක්!

තමා විසින්ම තමාගේ හෝ පිරිසකගේ ඡායාරූප ගැනීමේ කලාව හෙවත් සෙල්ෆි ගැනීම ලොවපුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. සෙල්ෆි ගැනීම කෙතරම් ජනප්‍රිය කලාවක් වුවත් ඊට වැට බැඳීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.

මුම්බායි නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් අතර ප‍්‍රචලිත ස්ථාන කිහිපයක සෙල්ෆි ගැනීම තහනම් කර තිබෙනවා. ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ බන්ද්‍රා බලකොටුව ආසන්නයේදී මිතුරන් දෙදෙනෙකු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය තරුණියක් මුහුදේ ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්වීමයි. ඇගේ දිවි බේරා ගැනීමට ගිය පුද්ගලයෙකුද දියේ ගිලී ජීවිතක්ෂයට පත් වුණා. 

මෙම තත්වය සලකා නව තීරණය ගත් බව මුම්බායි පොලීසිය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. සෙල්ෆි ගැනීමට ගොස් අනතුරුවලට මුහුණදුන් පුද්ගලයින් පිළිබඳ තොරතුරු රැසක් ලොව නන්දෙසින් ඉකුත් සමයේ වාර්තා වුණා.


0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels