Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Man arrest in kirillawala for 4 rape cases  

සැප රියෙන් රට වටේ ගිහින් ස්ත්‍රී දූෂණ 4ක් කළ 
ගේම්කාරයෙක් හොඳම සගයා 
‘‘කොණ්ඩයා‘‘ එක්ක මාට්ටු

පොලිසියෙන් පනින්න ගිහින් ඉහළ මාලයෙන් බිමටත් වැටිලා.
කොල්ල කාපු රත්තරං වල වටිනාකම රුපියල් කෝටි 5 ක්ලු.


සුඛෝපභෝගී මෝටර් රථයකින් රටපුරා සැරිසරමින් නිවාස 150 කට අධික සංඛ්‍යාවක් බිඳ ස්ත්‍රී දූෂණ 4 ක් කර වරෙන්තු 32 ක් නිකුත්ව සිටි දරුණු ගණයේ අපරාධකරුවකු වැලිවේරිය ‍පොලිසිය අත්අඩංගුවට ගෙන  තිබෙනවා. ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගෙවූ මෙම අපරාධකරුට අත්බෝම්බ ළඟ තබාගෙන සිටීම සම්බන්ධයෙනදෙ චෝදනා එල්ල වී තිබුණා. 
කිරිල්ලවල, කන්දකපාපු හන්දියේ දී මෙම අපරාධකරු තවත් සගයෙකුද සමග සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරන අවස්ථාවේ වැලිවේරිය ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. 

එම සුඛෝපභෝගී රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 100 ක් සහ ගංජා තොගයක්ද සොයාගත් බව ‍පොලිසිය පවසනවා. 36 හැවිරිදි වසන්ත රත්නායක නමැති මේ පුද්ගලයා ඊයේ දිනයේදී වැලිවේරිය ‍පොලිසියේ ඉහළ මාලයේ සිට පලායාමට තැත් කිරීමේ දී බිමට ඇද වැටී ඇති අතර ඔහුව ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. 
ඔහුගේ ව්‍යාජ හැඳුනුම්පතෙහි නම සඳහන් කොට ඇත්තේ මානගේ නිශාන්ත යන නමින් වන අතර පදිංචිය කඩුවෙල සහ වයස 35 හැවිරිදි බවත් එහි සඳහන් තිබෙනවා.  ඔහු සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි සුමිත් කුමාර හෙවත් “කොණ්ඩයා” නමැත්තා ය.
මෙහි ප්‍රධාන සැකකරු වන වසන්ත නැමැත්තා කොල්ලකන ලද මුදල්වලින් හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථ දෙකක් කුලියට ගෙන ඇති අතර ඉන් එක් රථයකට මසකට රුපියල් එක්ලක්ෂ දසදහසක් ගෙවන බවටත් හෙළිව තිබෙනවා. 
නුගේගොඩ, හෝමාගම, මහර, පිළියන්දල, කොට්ටාව ආදී ප්‍රදේශවල නිවෙස්වලට පැන මොහු කොල්ලකා ඇති බවත්, කොල්ලකෑම සඳහා හිස්වැසුම් භාවිත කොට ඇති බවත් හෙළි වී තිබෙනවා. 
සී.සී.ටී.වී. දර්ශනවලින්ද මොහු කළ කොල්ලයන් කිහිපයක තොරතුරු ‍පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර ඒ සඳහා භාවිත කළ හිස්වැසුම් කිහිපයක්ද ‍පොලිසිය සොයා ගෙන තිබෙනවා. 
ඊට අමතරව මොවුන් භාවිත කළ ජංගම දුරකථන පහක් සොයාගෙන ඇති අතර මොහු කොල්ල කන ලද රන් භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි පහකට අධික බවත් හෙළිව තිබෙනවා.
 
මෙම කොල්ලකෑම්වලට බන්ධනාගාරයේ සිටින පුද්ගලයන් දෙදෙනකුද සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙනවා.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels