අත්අඩංගුවට ගත් හිරුණිකාට ඇප
දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අධිකරණයෙන් ඇප නියම වුණා.
කොළඹ - අලූත්කඩේ අංක 2 ක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කල අවස්ථාවේ රුපියල් ලක්ෂ 2 ක බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.
නඩුව යළි ලබන 12 වනදා කැඳවීමට නියමිතයි. දෙමටගොඩදී තරුණයෙකු පැහැර ගෙන ගොස් පහරදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඇයගේ නිවසේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා.
හිරුණිකා අත්අඩංගුවට ගත් අවස්ථාවේ වීඩියෝව පහතින්....
හිරුණිකා අත්අඩංගුවට ගත් අවස්ථාවේ වීඩියෝව පහතින්....

Post a Comment