Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Belgium investor park one billion dollar diposit  

රුපියල රකින්න නන්නාඳුනන මිනිහෙක් 
ඩොලර් අරං එනවලු !

ඉතා වේගයෙන් වටිනාකම පහත වැටෙමින් ඇති රුපියල ආරක්ෂා කිරීම සඳහා බෙල්ජියමේ ආයෝජකයෙක් ඇමෙරිකානු ඩොලර් බිලියනයක තැන්පතුවක් ශ‍්‍රී ලංකාවට ලබාදීමට ඉදිරිපත් වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසූ බව රොයිටර් පුවත් වාර්තා කරනවා.

එම ආයෝජකයාගේ තොරතුරු කිසිවක් අමාත්‍යවරයා විසින් හෙළිනොකිරීම ද විශේෂත්වයක් වන අතර, ඔහු දැනටමත් මෙරට ආයෝජන කොටස්කරුවකු ලෙස කටයුතු කරන බව පමණක් රොයිටර් වෙත ඔහු පවසා තිබෙනවා.


රුපියලේ අගය අසාමාන්‍ය ලෙස අඩුවීම නිසා රටේ ආර්ථිකය අස්ථාවර මට්ටමකට පත්වීම අවම කරගැනීම සඳහා තනි පුද්ගල ආයෝජකයන්ට පැමිණීමට නිදහස් දී ඇතැයි ද අමාත්‍යවරයා පවසා තිබෙනවා.


තනි පුද්ගල ආයෝජකයන්ට මෙලෙස නිදහස් කිරීම කළු සල්ලි මෙරටට ගලාඑ්මේ ෙදාරටුවක් වියහැකි බවත්, තනි පුද්ගල ආයෝජකයන් මත විශ්වාසය තැබීම මහත් අවදානම් තත්ත්වයක් බවත් ආර්ථික විද්වතුන් කිහිපදෙනකු උපුටා දක්වමින් එම රොයිටර් පුවත් සේවය අනාවරණය කරනවා.


0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels