අඩි 15ක් දිග මාතර කිඹුල් දැවැන්තයා
‘‘චූටි අයියාගේ‘‘ පුංචි මොළෙන්
තනියම ඇල්ලූ වික්‍රමය - වීඩියෝ
ගමම පුදුම වී චූටි අයියාට පැසසුම් හැමතැනින්ම
සාමාන්‍ය ජනතාව එදිනෙදා අවශ්‍යතා සපුරා ගන්නා ජල මාර්ගවල සැරිසරන කිඹුලන් නිසා එම ජනතාව පීඩාවට පත් වූ අවස්ථා පිළිබඳ පසුගිය කාලයේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. එලෙස ජන ජීවිතයට බාධාවක් වූ දැවැන්ත කිඹුලෙකු තනි පුද්ගලයෙකු සිදු කළ උපක්‍රමශීලී ක්රියාමාර්ගයකින් අල්ලා ගත් පුවතක් ඊයේ (11) මාතර කනංකේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මාතර කනංකේ තල්ගහහේන ප්‍රදේශයේ ජනතාව පොල්අතු මෝදර ගඟ අසලට එක්වුණේ විශ්මය ජනක පුවතක් සැළවීමෙන්.
ප්‍රදේශයේ ජනතාව අතර චුටි අයියා ලෙස ප්‍රචලිතව සිටි ඩී.වී. චන්ද්‍රපාල මහතා ගඟේ සැරිසරන දැවැන්ත කිඹුලෙකු අල්ලා ගෙන ඇති බව ඔවුන්ට දැනගන්නට ලැබුණා.
ඩී.වී. චන්ද්‍රපාල මහතා තනිවම ඇටවූ සූක්ෂම උගුලක් ආධාරයෙන් අලුයම 5 ට පමණ අල්ලා ගැනුණු මෙම කිඹුලාගේ දිග අඩි 15 හමාරක්. පසුව මෙම කිඹුලා පිළිබඳ හික්කඩුව වන ජීවි කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දුන්නේ සත්වයා ආරක්ෂිත ප්‍රදේශයකට මුදා හැරීමටයි.
විශේෂයෙන්ම සැකසූ මැස්සක ආධාරයෙන් කිඹුලා ප්‍රධාන මාර්ගය වෙත රැගෙන ඒමට ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දැරුවා.
වීඩියෝව පහතින්.......
Post a Comment