Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.
Jan 31

සූර් වෙන්න බීපු අම්මා මාස 5 ක දියණිය 
කෝචිචියෙන් එළියට විසි කරන්න හදලා - Video

කොළඹ කොටුවේ සිට කළුතර බලා ධාවනය වූ දුම්රියක් තුලදී මාස 5 ක බිළිඳියක් ඉන් ඉවතට විසි කිරීමට උත්සහා කළ මවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස සිය දියණිය දුරියෙන් පිටතට විසි කිරීමට යාමේදී දුම්රිය මගීන් විසින් දැරිය බේරාගනු ලැබුවා. මොරටුව ලුනාව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය සිද්ධිය වන අවස්ථාවේ දුම්රියේ ගමන් කර තිබුණේ අධික බීමතින් බවයි දැනගන්නට ලැබෙන්නේ.
සැකකාර කාන්තාව සහ දරුවා අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

Jan 31

ලංකාවේ කෙල්ලෙකුගෙන් 
ඕස්ට්‍රේලියාවේ හෝටලේකදි 
කෝලිට අමතක නොවන ටෝක් එකක්

කෝලි කියන්නේ අපේ රටේ සමහර කොල්ලෝ කෙල්ලොන්ට නම් වැඩිය පේන්න බැරි චරිතයක්.. මොකද මනුස්සයා පිට්ටනියේ දාන ෂෝ වැඩිය කාටවත් දිරවන්නේ නැති නිසා. හැබැයි කෝලි කියන්නේ පිතිකරුවෙක් විදියට දක්ෂ ක්‍රීඩකයෙක් කියලා අමතක කරන්න එපා.
මේ කියන්නේ ඒ විදියට කෝලිට අමතක නොවන කතාවක් කීව අපේ රටේ කෙල්ලෙක් ගැන. එයා ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉන්දීය ක්‍රිකට් ටීම් එකත් මේ දවස් වල ඉන්නේ එහේ. මේ ළඟදි දවසක කෝලි එයා නැවතිලා ඉන්න හෝටලේට ඇවිත්. ඔය අතරේ අපි කලින් කීව ලාංකික තරුණියත් ඒ හෝටලේ ඉඳලා. ඒ උදේ කෑම වේල ගන්න.

එක පාරටම කෝලිගේ මැනේජර් අර තරුණියට කියලා තියෙන්නේ ‘‘උදේ කෑම වෙලාවේ බෑ කියලා‘‘ අන්දුන් කුන්දුන් වුණු මේ තරුණිය මැනේජර්ගෙන් අහලා ‘‘මොනවද බැරි‘‘ කියලා. මැනේජර් කියලා ෆොටෝ ගන්න එක කියලා.
ඊට පස්සේ තරුණිය අහලා තියෙන්නේ ‘‘ෆොටෝ  ? ? කා එක්කද කියලා..
පහතින් තියෙන්නේ ඒ විදියට දෙන්නා අතර ඇතිවුණු සංවාදය...
මැනේජර් - සොරි, කෑම වෙලාවේ බෑ
තරුණිය - මොනවද කෑම වෙලාවේ බැරි ?
මැනේජර් - ෆොටෝ ගන්න
තරුණිය - ෆොටෝ ? කාත් එක්කද ?
කෝලි - නෑ, එයා හිතලා තියෙන්නේ ඔයා මගෙත් එක්ක ෆොටෝ එකක් ගන්න ආවා කියලා.
තරුණිය - මං මොකටද ඔයා එක්ක ෆොටෝ ගන්නේ ? ඔයා කවුද ? ඔයා මොකේට හරි ජනප්‍රියයිද ?
ඔය විදියට ඉවර වුණු සංවාදයෙන් පස්සේ කෝලි මැනේජර්ගේ මූණ බලලා එතනින් යන්න ගිහින් තියෙන්නේ සොරි කියලා. පස්සේ සිද්ධ වුණු දේ ගැන තරුණිය හෝටලේ අය දැනුවත් කළාම ඒකට සමාවෙන්න කියලා තිබුණාලු.
කොල්ලෝ කෙල්ලෝ කියලා බේදයක් නෑ ඉතින්. ලංකාවේ ගොඩ දෙනෙක් කෝලිට සලකන්නේ ඒ විදියට තමයි. 
මේ තමයි සිද්ධ වුණු කතාව තරුණියගේ පෙම්වතා ෆේස්බුක් එකට දාලා තිබ්බ හැටි....



Jan 30

දහම් සිරිසේන ලංකාවට ගෙන්වූ 
බවට පැවසුණු සුපිරි BMW I8 රථයේ 
ඇත්ත කතාව - Photos

පහුගිය දවස්ටිකේ ෆේස්බුක් ගියපු ඔයාලත් සමහර විට දකින්න ඇති අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පුතා දහම් සිරිසේන ලංකාවට ගෙන්නුවැයි කියන BMW i8 සුපිරි මෝටර් රථයක ඡායාරූප කිහිපයක් හැමතැනම පළවුණා.

මේ ගැන එක එක කතා හැමතැනින්ම ඇහුන නිසා වාහනේ ගැන පොඩ්ඩක් හොයාලා බලන්න හිරු ගොසිප් අපි තීරණය කළා. ඇත්තටම ලංකාවට මේ වාහනයක් ගෙනැත්. හැබැයි ඒ දහම් සිරිසේන නම් නෙවෙයි.
අපේම රටේ වාහන ගෙන්වන ආයතනයකින් මීට මාස කිහිපයකට කලින් තමයිලු මේක ගෙන්වලා තියෙනවා කියලා අපිට ආරංචි වුණේ. ඒ වගේම එක දවසක් කඩවත පැත්තේ තියන සර්විස් කරන තැනකට මේ වාහනේ අරන් ගියාම එතනදි කවුරු හරි කෙනෙක් ෆොටෝ ගහලා බොරු ප්‍රචාරයක් අරන් යනවා කියලා තමයි මේ වාහනේ ගෙන්වපු ආයතනයේ හිමිකරු අපිත් එක්ක කීවේ..








Jan 30

පස්සෙන් පන්නපු අලියාගෙන් බේරෙන්න 
ගහකට නැගපු පුද්ගලයෙකුට 
ගහේ හිටපු නයෙක් ගහලා මියගිහින්

සමහර මිනිස්සුන්ගේ මාරයා කොයි වෙලාවේ තමන්ව හොයාගෙන එයිද කියලා විශ්වාස නෑ, මේ කියන්න යන්තෙත් ඒ වගේ කතාවක්... ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වනගත ප්‍රදේශයකදී වන අලි ප්‍රහාරයකින් බේරීම සඳහා ගසකට නැගි පුද්ගලයකු නාග දෂ්ඨණයකින් මරණයට පත්ව තිබෙනවා.
පසුගිය දිනෙක පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ ගම්මානය ආසන්නයේ කැලයක දර එක්රැස් කිරීම සඳහා ගොස් පැමිණෙමින් සිටි තුන්දෙනෙක් අතරින් අයෙක් බව සඳහන්.

දර රැගෙන පැමිණෙමින් සිටි මෙම පිරිස පසුපස වන අලියකු එලවා තිබෙනවා. එම සත්වයාගෙන් බේරීම සඳහා මෙම පුද්ගලයන් තුන්දෙනා දිවගොස් ඇති අතර එක් අයෙක් ගසකට නැග ඇති බවටයි හෙළිවී ඇත්තේ.
එම පුද්ගලයා ගසට නගිනු නොදුටු අනෙක් දෙදෙනා ගමට පැමිණ ප්‍රදේශවාසීන් පිරිසක් සමග ගොස් සොයා බැලුව ද ඔහු හමුවී නැහැ. පසුව වන සංරක්ෂණ නිලධාරීන්ට සහ පොලිසියට කල දැනුම්දීමකින් පසුව කල සෝදිසියකදී ගසක් මත තිබියදී මෙම පුද්ගලයාගේ සිරුර හමුවී තිබෙනවා.
ඔහුගේ සිරුරේ නාගයකු දෂ්ඨ කල ලකුණු පවතින බවයි ඉන්දීය පුවත් සේවාවල දැක්වෙන්නේ.

Jan 29

අලුත්ම ''xXx'' ෆිල්ම් එකේ 
Shooting පටන් ගන්නකං දීපිකාටයි, 
වින් ඩීසල්ටයි ඉවසිල්ලක් නෑලු - Video

සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සහ සුපිරි බොලිවුඩ් නළු වින් ඩීසල් රඟපාන අලුත්ම චිත්‍රපටය තමයි ‘‘ත්‍රිපල් එක්ස්‘‘ කියන්නෙ. මේක ත්‍රාසජනක චිත්‍රපටයක්. චිත්‍රපටයේ රූගත කිරීම් පෙබරවාරි මාසයේ ආරම්භ වීමට නියමිත වෙලා තියෙනවා.


ඒත් දීපිකා සහ වින් ඩීසල් නම් ඒ කාලය ගෙවා ගන්නෙ බොහොම අමාරුවෙන්ලු. ඒ තරමටම මේ දෙන්නා එකට රඟපාන්න කැමැතිලු. දීපිකා කියලා තියෙන්නෙ වින් ඩීසල් වගේ නළුවෙක් එක්ක රඟපාන්න එයා කාලෙක ඉඳන් බලන් හිටියා කියලයි. ඒ වගේම එයට ඉවසිල්ලක් නෑලු පෙබරවාරි වෙනකං.

වින් ඩීසලුත් කියන්නෙ ඒ කතාවමයි. එයා අහලා තියෙනවලු දීපිකා ගැන. ඒක නිසා වින් ඩීසලුත් ඉන්නෙ ගොඩක් නොඉවසිල්ලෙන්. ඒක එයා ටිව්ටර් එකට වීඩියෝ එකකින්ම දාලා තිබුණා.
ඒ වගේම මේ දෙන්නම මේ දිනවල රූගත කිරීම්වලට කලින් ව්‍යායාමවල යෙදෙන්න ගොඩක් මහන්සි වෙනවලු.

දීපිකාගේ සහ වින් ඩීසල්ගේ වීඩියෝ පහතින්..



Jan 29

ෂේප් එකේ බ්ලූ පෙන්නලා 
නෑනව අල්ලගන්න ගිය මස්සිනාට 
නෑනා කැමති නැති වෙලා

සහෝදරයාගේ බිරිඳ වූ තම නෑනාට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වීමට ගිය පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා.  මේ පුද්ගලයා අදාළ කාන්තාවගේ පසුපස ප්‍රදේශය සහ පියයුරු ස්පර්ශ වන ආකාරයට දැවටෙමින් අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වීමට උත්සාහ කර තිබෙනවා.

ඉන් අපහසුතාවට පත්වූ කාන්තාව සිය සැමියාට මේ බව පැවසීමෙන් අනතුරුව පොලිසියේ පැමිණිල්ලක් දමා තිබෙනවා. පසුව කුඩා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

උපුටාගැනීම

Jan 28

සල්ලි දුන්නෙ නැති නිසා 
තාත්තාගෙන් පුතාගේ පපුවට මාරාන්තික පිහි පහරක්

මුදල් ප්‍රශ්නයක් දුර දිග යාමෙන් පුතෙකුට පියා විසින් උල් පිහියකින් පපුවට ඇන තිබෙනවා. ඔහු මෙසේ තම පුතාට පිහියෙන් ඇන තිබෙන්නේ තමන්ට බෙහෙත් ගැනීම සඳහා රෝහලට යාමට මුදල් ඉල්ලු අවස්ථාවේ පුතා විසින් එය ප්‍රතික්ෂේප කළ නිසයි.

මේ අනතුරින් බරපතල තුවාල ලබා තිබුණේ 32 හැවිරිදි තරුණයාව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

උපුටාගැනීම

Jan 28

ටීචර්ගේ කීමට පොලොස් කඩන්න ගිය සිසුවා 
ගස මුදුනේ සිට බිමට වැටුණු හැටි - වීඩියෝ


පොලොස් කැඩීම සඳහා ගුරුවරියක විසින්  කොස් ගසකට නැංවූ බව පැවසෙන  14 හැවිරිදි දරුවෙකු එම ගසෙන් ඇද වැටී රෝහල් ගතකර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මෙම සිසුවාගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වෙන්නේ.

රත්නපුර - පැල්මඩුල්ල - දෙනවක දෙමළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම දරුවා -  පොලොස් කැඩීම සඳහා කොස් ගසකට නැඟ  ඇත්තේ ඊයේ (27) පස්වරුවේයි.  ඒ ගුරුවරියකගේ දැනුම් දීමක් අනුවයි.

විශ්වනාදන් විරාජ් නැමති මෙම දරුවා ගසෙහි අත්තක් කඩාවැටීම හේතුවෙන් බිමට ඇද වැටී ඇති අතර, පසුව ඔහු රත්නපුර මහ රෝහලට ඇතුළත් කෙරුණා. 

බරපතල තත්ත්වයේ පසුවූ බැවිනුයි ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර එවුණේ. මෙම දරුවා මාස 8 ක කාලයක් තිස්සේ පාසල් ගොස් නොමැති බවටද වාර්තාවනවා.

කෙසේ වෙතත් දරුවා කොස් ගසට නැංවූ බව පැවසෙන ගුරුවරිය කහවත්ත පොලීසිය ඊයේ පස්වරුවේම අත්අඩංගුවට ගනු ලැබුවා.

Jan 28

සැමට සිනා දුන් ‘‘එන්සිනා“ට 
අසාධ්‍යයයි

“එන්සිනා” කියන චරිතයට රසික හදවත් තුල තියෙන තැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ.  

ඒ චරිතයට පණ පොවන්නෙ ප්‍රවීන රංගන ශිල්පිනි සුසිලා කූරගම.අවුරුදු ගණනාවක් පුරාවට රසික හදවත් කුල්මත් කළ මේ රංගන ශිල්පිනිය මේ වෙද්දි ඉන්නෙ බරපතල ලෙස රෝගාතුර වෙලා. ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි හිරු ගොසිප් අපිට දැන ගන්නට ලැබුණේ.

අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නෙ ඇයට ඉක්මන් සුවය ලැබිලා නැවතත් රසික සිත් සනසන්නට ශක්තිය ලැබේවා කියලයි..

Jan 28

ගැබිණි මව්වරුන්ට හැදෙනවැයි කියන, 
ලැබෙන ළමයි අංගවිකල වෙනවැයි කියන 
මොකක්ද මේ ‘‘සීකා‘‘ ?

සීකා වෛරසය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙනවා. එමෙන්ම දැනට පවතින තත්වය අනුව මෙම රෝගය ලංකාව තුල පැතිර යාමේ අවධානම ඉතාම අවම බවයි සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කලේ. 
ඩෙංගු රෝගය මර්දනය කිරීමට භාවිත කරන ක්‍රමවේදයම සීකා වෛරසය පාලනය කිරීමට උපයෝගී කරගන්නා ලෙසට ද එම නිවේදනය මගින් පෙන්වාදී තිබෙනවා.  සාමාන්‍යයෙන් සිකා රෝගය සුළු රෝග ලක්ෂණ ප්‍රමාණයක් පෙන්වන අතර, ඒ සදහා විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නොවන බවයි අමාත්‍යංශය කියාසිටියේ. 

හොඳින් විවේක ගැනීම, ප්‍රමාණවත් පරිදි දියර වර්ග පාවිච්චි කිරීම, උණ සහ වේදනාව සමනය කිරීමට පැරසිටමෝල් ඖෂධ භාවිතා කිරීම රෝගය සදහා ප්‍රතිකාර ලෙස නියම කෙරෙනවා. 
ඇස්ප්‍රීන් හෝ ඩිස්ප්‍රීන් කාණ්ඩයේ ඖෂධ ලබා නොදිය යුතු අතර රෝගය දරුණූ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කලා. ගර්භනී කාන්තාවන්ට මෙම වෛරස් රෝගය වැළදීමෙන් විවිධ සංකූලතා ඇතිවන බවට වාර්තා පළ වුවත්, එසේ වන බවට පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි මගින් මේ දක්වා තහවුරු කර නොමැති බවයි අමාත්‍යංශය නිකුත්කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. 
2014 මාර්තු මාසයේ දී පළමුවෙන්ම චිලි දේශයෙන් වාර්තා වූ මෙම රෝගය 2015 දී ප්‍රධාන වශයෙන් වාර්තා වුයේ දකුණු ඇමරිකාවේ බ්‍රසීලය සහ කොළොම්බියාවෙනි.

දකුණු ඇමරිකානු රටවල් 13 කින් පමණ සිකා රෝගීන් වාර්තා වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

Jan 28

ඥාණසාර හිමියන් වෙනුවෙන් ඇවිලුණු 
හෝමාගම සිද්ධියේ 
නොදුටු දසුන් - Photos

පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ඥණාසාර හිමියන් හෝමාගම අධිකරණයෙන් පිටතට රැගෙන එනඅවස්ථාවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්වයේ ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා...

ඒවා පහතින්..






උපුටාගැනීම

Jan 28

අමුතුම විදිහකට මංගල ගමන ගිය 
මනමාලි - Video


සාමාන්‍ය යෙන් මංගල උත්සවයකදි අපි දකින සිරිත තමයි මනමාලි නෑදෑ හිතමිතුරන් පිරිවරාගෙන උත්සව ශාලාවට පැමිණීම.

හැබැයි ඉන්දියාවේ අහමාදාබාද් ප්‍රදේශයේ වයස 26 ක ක තරුණියක් උත්සව ශාලාවට ඇතුළු වුණේ කිසි කෙනෙක් එන්නෙ නැති අපූරුම විදිහකට.
ඇගේ නම අයේශා උපාද්යායි.

සියල්ලන් මවිත් කරමින් ඇය උත්සව ශාලාවට ආවේ ඇගේ සොහොයුරා තිළිණ කරන ලද රෝයල් එන්ෆීල්ඩ් බුලට් 350 වර්ගයේ සුපිරි යතුරුපැදියකින්.

පරිගණක විද්‍යා මාහාචාර්යවරියක් වන ඇය යතුරුපැදි වලට දැඩි ලෙස ඇලුම් කරන බවත් දැන ගන්නට ලැබෙනවා.

ඇය උත්සව ශාලාවට පැමිණි ආකාරය වීඩියෝව පහතින්..

Jan 28

ඉන්දියාවට ගහන්න යන 
අපේ සෙට් එක මෙන්න.. 
කාලෙකට පස්සෙ දිල්හාර ඇතුළට

ඉන්දියාව සමග පැවැත්වෙන T20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා. විශේෂත්වය වන්නේ 2012 වසරෙන් පසු නැවතත් වේග පන්දු යවන ක්‍රීඩක දිල්හාර ප්‍රනාන්දු මෙම සංචිතයට ඇතුළත් වීමයි.

මෙම කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබෙන්නේ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ආබාධයකට ලක්වීම හේතුවෙන්. එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස් සහ නුවන් කුලසේකරද ආබාධවලට ලක්වීම හේතුවෙන් මෙම තරගාවලියට සහභාගී වන්නේ නැහැ.
සංචිතයට ඇතුලත් ක්‍රීඩකයින් පහතින්..දිනේෂ් චන්දිමාල් (නායක)
තිලකරත්න ඩිල්ෂාන් 
සීක්කුගේ ප්‍රසන්න
මිලින්ද සිරිවර්ධන
ධනුෂ්ක ගුණතිලක
තිසර පෙරේරා
දසුන් ශානක 
අසේල ගුණරත්න 
චාමර කපුගෙදර
දුෂ්මන්ත චමීර
දිල්හාර ප්‍රනාන්දු 
කසුන් රජිත
බිනුර ප්‍රනාන්දු 
සචිත්‍ර සේනානායක 
ජෙෆ්රි වැන්ඩසේ

Jan 28

වෙරිවෙන්න බීලා, ආච්චිට වෙට්ටුත් දාලා, 
තේ වත්තෙන් පැනලා දිව්ව පොලිස් අයියා 
වලේ වැටිලා මාට්ටු - වීඩියෝ


ගමේ කොල්ලෝ දෙවනි පාරත් අල්ලන් ඇවිත්
පොලිසියටම භාර දීලා..
රෙදිත් ගලවන් හෙල්මට් නැතිව බයික් එකේ අරන් ගිහින්

ලංකාවේ පොලිසියට මේ එච්චර හොඳ කාලයක් නෙවෙයි. කොටදෙණියාව, ඇඹිලිපිටිය සිද්ධිවලදි මේ ගැන වැඩිපුරම කතාවුණේ පොලිසිය කරපු සමහර වැඩ කවුරුත් අනුමත කළේ නැති නිසා. ඒ විදියට පොලිසියේ නම සවුත්තු කරපු තවත් පොලිස් නිලධාරියෙක් ගැන වීඩියෝ එකක් හිරු ගොසිප් අපිට හම්බවුණා. 

මේකේ ඉන්න පොලිස් නිලධාරියා හොඳටම මත්පැන් පානය කරලා බයික් එකේ ගිහින් තියෙනවා. වෙරි වැඩි නිසාමදෝ පාර අයිනේ හිටපු කාන්තාවකුත් මෙයා හප්පගෙන තමයි ගිහින් තියෙන්නේ. හැබැයි හැප්පුණාට පස්සේ බයික් එක නතර කරලා නෑ. කුරුල්ලෙක් වගේ කඩාගෙන ගිහින්. මේක දැකපු ගමේ කොල්ලෝ ටික බයික් එක පස්සේ පන්නන් ගිහින් පොලිස් නිලධාරියාව අල්ලගෙන. එතකොට තමයි තේරිලා තියෙන්නේ මෙයාට කෙලින් ඉන්නවත් බැරි විදියට බීලා කියලා.

කොහොම වුනත් මනුස්සයෙක්නේ කියලා ගමේ උදවිය ගෙයක් ළඟට එක්ක ගිහින් මෙයාට ඉඳගන්න පුටුවකුත් දීලා. ඒ මේ බීමත් පොලිස් නිලධාරියා ගැන තව පොලිසියකට විස්තරත් දැනුවත් කරලා. ඔවුන් ඇවිත් මෙයා එක්ක යනකම් කියලා තමයි මෙහෙම නතර කරගෙන ඉඳලා තියෙන්නේ.

කොහොමහරි වැඩේ අවුල් වුණා කියලා දැනගත්ත මේ පොලිස් නිලධාරියා කරලා තියෙන්නේ ගමේ කට්ටියගේ ඇස් වහලා තේ වත්තකින් පැනලා දුවපු එක. මේක දැක්ක ගමේ කොල්ලෝ ටික ආයෙත් පන්නන් ගිහින් පොලිස් නිලධාරියාව අල්ලගෙන තියෙන්නේ පාර දන්නේ නැතුව දුවලා වලකට වැටිලා ඉන්නකොට කියලා තමයි අපිට ආරංචි වුණේ.

කොහොමහරි අායෙත් මෙයාව අල්ලගෙන පාරට එක්ක ඇවිත් මතුගම පොලිසියට භාරදෙන්න ප්‍රදේශවාසීන් කටයුතු කරලා තියෙනවා. හැබැයි සිවිල් ඇඳුමින් ආව දෙන්නෙකුත් ඊට කළින් මෙයාව අරන් යන්න හදලා. ගම්මු ඒකට විරුද්ධවෙලා. කොහොම හරි වෙරිමතෙන් නිල ඇඳුමත් ගලවගෙන හිටපු මේ පොලිස් නිලධාරියා එක්ක යන්නේ බයික් එකකින්. 

හැබැයි බයික් එකේ යන්නේ හෙල්මට් එකක්වත් දාන්නේ නැතුව කියලා වීඩියෝ එක බලපුවාම ඔබට තේරෙයි. ඔහුගේ හෙල්මට් එක කෙසෙල් පඳුරක් ලඟ වැටිලා තිබිලා පස්සේ හම්බවෙලා. ඒ වගේම කකුලේ තිබ්බ සපත්තුවකුත් තේ වත්තේ මෙයා දාලා ගිහින්.

නීතිය ගැන බලාගන්න ඉන්න අය මේ වගේ වැඩ කරනකොට සාමාන්‍ය මිනිස්සු ගැන තව මොන කතාද කියලා තමයි හැමෝම කියන්නේ. 

Jan 28

පැය 22කදි 110 වතාවත් දූෂණය වූ තරුණියක් 
ජීවිතේ අත්දැකීම් ගැන ලොවක් කළඹන 
සටහනක් ලියයි

වසර 6ක ලිංගික සේවයේ අත් දැකීම් සහිත සටහන් තමන් සතු බව තරුණියක පවසයි. මේ වනවිට විවාහක කාන්තාවක් වන ඇය පළමු  දරුවා අපේක්ෂාවෙන් සිටී.
ලිංගික වහල් සේවය මෙන්ම විවිධ ජාවාරම් කරුවන්ට අලෙවි වූ ඇය පිළිබඳ මේ වනවිටත් ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණකර අවසන්. ඇය වෙන කිසිවෙකු නොව  පැය 22කදී 110කගෙන් දූෂණය වූ බව පැවසූ බ්‍රිතාන්‍ය තරුණියයි.

වයස අවුරුදු 14 දී  - මව සමග ඇය ග්‍රීසියට  ගොස් තිබුණේ නිවාඩුවක් වෙනුවෙන්. කෙසේ වෙතත් දැරිය ලිංගික වහල් කමට ගොදුරුව තිබුණා. එතැන් සිට වසර 6ක් ඇය පුද්ගලයින්ට විකිණී ඇත. මෙම තරුණිය වීදියේ ගණිකාවක් ලෙස මෙන්ම  විවිධ ජාවාරම්කරුවන් විසින් මිලදී ගෙන යළි අලෙවි කිරීමට ලක්ව තිබේ.
මේ වනවිට 25ස්  හැවිරිදි ඇය මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියේ මේගන් ස්ටෙපන් නමින්.  මේගන් ස්ටෙපන් අනාවරණ කළේ  දිනකට පුද්ගලයින් 50ක් සමගවත් ලිංගික සේවනයේ යෙදුනු  බවයි. ඇය වසර 6ක අතීතය සිහිපත් කරමින් පැවසුයේ  වරෙක පැය 22ක්  පුද්ගලයින් 110කගේ ගොදුරක් වූ බවයි.
කෙසේ හෝ ලිංගික ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් මිදී පවුලේ පිරිස සමග යළි බ්‍රිතාන්‍යට පැමිණීමට ඇයට හැකිවුණා. ඉන් පසුවයි  ජාත්‍යන්තර මාධ්‍ය  හමුවේ මෙම කරුණු අනාවරණ කෙරුණේ. 
තරුණිය පවසන්නේ ඇයගේ සටහන් - ලිංගික අඩම්තේට්ටම් හේතුවෙන් අසරණ වූ පිරිසට - පිහිටවීමේ පුණ්‍යායතනයක් ගොඩ නගා ගැනීමට උපයෝගී කර ගන්නා බවයි.

Jan 27

කසාද 2ට වැඩියෙන් කරගත්තේ නැත්තම් 
හිරේ යන්න වෙන අමුතුම නීතිය - 
වෙඩින් එකට රජයෙනුත් සල්ලි

අපේ රටේ නම් එක පුරුෂයෙකුට බිරින්දෑවරු දෙන්නෙක් හිටියොත් වැඩේ නතර වෙන්නේ උසාවි ගිහින්. හැබැයි අඩුම තරමින් බිරින්දෑවරු ‍දෙන්නෙක්වත් හිටියේ නැත්තම් හිරේ යන්න වෙන රටකුත් මේ ලෝකේ තියෙනවා. ඒ තමයි Eritrea.
මේ රට පිහිටලා තියෙන්නේ අප්‍රිකානු මහද්වීපයේ. කාලයක් පුරාවට පැවතුණු යුද්ධයක් නිසා මේ රටේ පිරිමි ලක්ෂ ගාණක් මැරිලා තියෙනවා. ඒත් එක්කම විවාහ වෙන්නට ඉන්න කාන්තාවන්ට අවශ්‍ය පිරිමින්ගේ හිඟයක් ඇවිත්.

ඒකට පිළියමක් විදියට ඒ රටේ ගොඩ දෙනෙක් විශ්වාස කරන ආගමික නායකයෙක් කියලා තියෙන්නේ හැම පිරිමි කෙනෙක්ම අඩුව කාන්තාවන් දෙදෙනෙකුවත් විවාහ කරගන්න ඕනි කියලා. එහෙම නැතිවුනොත් ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා කියලත් ඔහු කියලා තියෙනවා.ඒ වගේම පළවෙනි කසාදය කරගත්ත බිරිඳ පුරුෂයාගේ දෙවන විවාහයට අකැමති වුනොත් ඒ සම්බන්ධයෙන් ඇයට නීතිමය පියවර ගන්නත් මේ රටේ ඉඩ දීලා තියෙනවා. ඒ වගේම මේ වෙන විවාහයන්ට රජයෙන් මුදල් ගෙවන්නත් සූදානම් කියලා තමයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ..

Jan 27

රට ගිය බිරිඳ ගෙදර එනවා කිව්වාම 
ඔලුව ගිනිගත්ත සැමියා 
හොර අඹුවට ගිනි තියලා

විදේශ ගතව සිටි කසාද බිරිඳ නැවතත් පැමිණෙන බව දැනගෙන හොර අඹුව ලෙස නිවසේ තබාගෙන සිටි කාන්තාව නිවසින් එළවන්නට නොහැකි වූ සැමියෙකු ඇයව නිවස තුළට දමා නිවසට ගිනි තබා තිබෙනවා.

මේ සිද්ධිය වාර්තා වන්නේ හිනිදුම සුදුවැලිපත ප්‍රදේශ‍යෙන්. සිද්ධියට සම්බන්ධ පුද්ගලයාගේ බිරිඳ වසර කිහිපයකට පෙර රට රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති අතර පසුව මේ පුද්ගලයා වෙනත් කාන්තාවක් නිවසට රැගෙන විත් ඇයව අනියම් බිරිඳ ලෙස තබාගෙන තිබෙනවා.

පසුව මීට දි කිහිපයකට ඉහතදී ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ හදිසියේ මෙරටට පැමිණෙන බව දන්වා තිබෙනවා. ඉන් කලබලයට පත්වූ මේ සැමියා අනියම් බිරිඳට ගෙදරින් යන ලෙස දන්වා තිබෙනවා. නමුත් ඇය ඊට අකමැති වීමත් සමග උරණ වූ මේ පුද්ගලයා පසුගිය 21 වැනිදා ඇයව නිවස තුළට දමා ගිනි තබා තිබුණා.
කෙසේ වෙතත් නිවෙසින් පැනගොස් දිවි බේරාගත් අනියම් බිරිඳ සිද්ධිය සම්බන්ධයෙන් හිනිදුම පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් පසු සැකකරුව පොලිස් අත්අඩංගුවට ගැනුණා.

Jan 27

පස්දරු මවක් කුස තුල දරාසිටි 
කිසිවෙකු නොහුලන බර - Photos

ආගරපතන ප්‍රදේශයේ පස්දරු මවකගේ ඩිම්බ කෝෂයේ තිබූ කිලෝ 8 ක් බරැති ගෙඩියක් සාර්ථකව ඉවත් කිරීමට දික්ඔය රෝහලේ වෛද්‍යවරුන් සමත්වී තිබෙනවා. 
පළමුව මෙම කාන්තාවගේ උදරයේ තිබු ගෙඩිය පිළිකාවක් බවටයි සැක කෙරුණේ.එහෙත් ඇය මහනුවර ශික්ෂණ රෝහලට යවා සිදුකල පරීක්ෂාවකින් අනාවරණ වී ඇත්තේ එය ඩිම්බකෝෂයේ ඇති ගෙඩියක් බවයි. 

අනතුරුව සිදුකල ශල්‍යකර්මයකින් එය සාර්ථකව ඉවත් කර තිබෙනවා. 






උපුටාගැනීම

Jan 27

දරුවාගේ අවමඟුල කරන්න කාසි නැති නිසා 
සිරුර කාටත් හොරෙන් කාඩ්බෝඩ් පෙට්ටියෙන් 
ගෙදර අරන් ගිය පියෙකුගේ සෙනෙහස

පෙට්ටියේ මොනවද ඇහුවම තේ කුඩු කියලා

ලේ කිරි කරලා පොවපු තමන්ගේ අම්මා තාත්තා මේ ලෝකේ දාලා ගියාම ඒ අයගේ මිනිය ගෙදරටවත් ගෙන්නේ නැතිව කුලියට මල්ශාලාවක තියෙන සමහර දරුවෝ මේ ලෝකේ ඉන්නවා. හැබැයි කවදාවත් තමන්ගේ දරුවට පණ වගේ ආදරේ කරපු අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මොන හේතුවක් නිසාවත් දරුවෙක් මේ ලෝකේ දාලා ගියාම ඒ වගේ දෙයක් කරන්නේ නෑ. 
 ඒ විදියට තමන්ට මොනතරම් ආර්ථික අපහසුතා තිබ්බත් පුතාගේ මිනිය ඉස්පිරිතාලේ දාලා එන්නේ නැතිව ඒ මළසිරුර පෙට්ටියක දාලා කාටත් හොරෙන් ගෙදරට ගෙනාපු තාත්තා කෙනෙක් ගැන අපිට ආරංචි වුණා. ඒ ගම්පොල ප්‍රදේශයෙන්. ඔහු මේ විදියට හොරෙන් මිනිය ගෙනාවේ මල්ශාලාවක වාහනයකට දෙන්න සල්ලි නැති නිසා.

තේ කුඩු රැගෙන යන මුවාවෙන් තමයි මේ තාත්තා කාඩ්බෝඩ් පෙට්‌ටියක දාපු පුතාගේ මිනිය කුලී ත්‍රිරෝද රියකින් ගෙනිහින් තිබුණේ. කොහොම වුනත් ඒ කාඩ්බෝඩ් පෙට්‌ටියේ තියෙන්නේ තේ කුඩු නෙවෙයි බිලිඳු මළ සිරුරක්‌ බව දැනගත්ත රියදුරා කලබලයටත් භීතියටත් පත්වෙලා තියෙනවා. පස්සේ මේ ගැන ආරවුලක් ඇති කරගෙන ගම්පොල පුපුරැස්‌ස පොලිස්‌ මුරපළේදි නිලධාරීන් ඇවිත් මේ ප්‍රශ්නය සමථයකට පත්කරලා තියෙනවා.
ඊට පස්සේ පුපුරැස්‌ස පොලිස්‌ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරපු පරීක්‍ෂණයට අනුව අනාවරණය වෙලා තියෙන්නේ මේ වගේ දෙයක්. පුස්‌සැල්ලාව ඩෙල්ටාවත්ත පදිංචි දින 45 ක්‌ වයසැති කුඩා බිලිඳෙක් තමයි අසනීප වීම නිසා මේ විදියට පන්විලතැන්න රෝහලට ගෙනවිත් පස්සේ ගම්පොල රෝහලට ඇතුළත් කරලා තියෙන්නේ.
ඒත් දරුවාගේ රෝගය උත්සන්න වීම නිසා එහිදී දරුවා මියගිහින් තියෙනවා. පශ්චාත් මරණ පරීක්‍ෂණය ගම්පොල රෝහලේදී සිදු කරලා නිව්මෝනියාව තත්ත්වයෙන් පෙණහලුවලට සිදුවූ බලපෑමෙන් දරුවා මියගොස්‌ ඇති බව අනාවරණය වෙලා තියෙනවා. ඒ අනුව එම මළ සිරුර නිවසට රැගෙන යන්න තාත්තාට අවසර ලැබිලා. 
කොහොම වුනත් ආර්ථික වශයෙන් ඉතා අසරණ තත්ත්වයට පත්ව දිළින්දකු වූ මෙම පියාට දරුවා නිවසට රැගෙන යෑම විශාල ගැටලුවක්‌ වෙලා තියෙනවා. මල් ශාලා රථයක ගණන් ඇසූ ඔහුට එය ගෙවා ගැනීම කෙසේවත් කළ නොහැකි බව තේරිලා තියෙනවා.
ඒ නිසා ඔහු දන්නා ත්‍රිරෝද රථයක්‌ කතා කර තම කුඩා දරුවාගේ සිරුර කාඩ්බෝඩ් පෙට්‌ටියක බහා එය ඔඩොක්‌කුවේ තබාගෙන ගමට ඒමට පිටත් වෙලා.
ඒත් කහවත්ත ප්‍රදේශයේදී ඒ ත්‍රිරෝද රථය අනතුරකට ලක්‌වීම නිසා ඉතිරි දුර ඔහුට යාමට නොහැකිව සිටියදී මාර්ගයේ ගමන් කරපු වෙනත් ත්‍රිරෝද රථයක්‌ කුලියට කතාකරගෙන පෙට්‌ටිය ද එහි තබාගෙන තාත්තා ආයෙත් ගමන පිටත්වෙලා තියෙනවා.
කාඩ්බෝඩ් පෙට්‌ටියේ මොනවා දැයි ත්‍රිරෝද රථයේ රියෑදුරු ඇසූ විට පුද්ගලයා කියලා තියෙන්නේ  තේ කුඩු කියලා. මේ අතරේ ත්‍රිරෝද රථය පුපුරැස්‌ස පන්විලතැන්න පහු කරමින් තිබියදී රියෑදුරුට දුරකථන ඇමතුමක්‌ දුන් ඔහුගේ හිතවතක් කියලා තියෙන්නේ කාඩ්බෝඩ් පෙට්‌ටියේ මිනියක්‌ රැගෙන යනවා කියලා. එය ඇසූ රියෑදුරුට උන්හිටි තැන් අමතක වී වහාම ත්‍රිරෝද රථය නවතා ඒ බව පසුපස සිටි පුද්ගලයාගෙන් අහලා.
පස්සේ පෙට්‌ටියේ තියෙන්නේ මළ සිරුරක්‌ බව මෙම පුද්ගලයා පිළිඅරන්. ඊට පස්සේ තමයි දෙදෙනා අතර මේ ආරවුල ඇතිවෙලා තියෙන්නේ. කොහොම වුනත් නීත්‍යනුකූල ලෙස පිළිගත් මරණයක්‌ නිසාත් පුද්ගලයාගේ දුප්පත් බව නිසාත් මේ අයුරින් නිවසට රැගෙන යාමට උත්සාහ ගෙන ඇති බව පස්සේ අනාවරණය වෙලා.
මේ ගැන රියෑදුරුට අවබෝධ කරලා සිද්ධිය සමථයකට පත් කළාට පස්සේ අදාළ පුද්ගලයා තම දරුවාගේ සිරුර සහිත කාඩ්බෝඩ් පෙට්‌ටිය දන්නා අයකුගේ යතුරුපැදියෙන් නිවසට අරන් ගිහින්.
නමුත් මෙම සිද්ධිය ප්‍රදේශය පුරා පැතිර ගිහින් තිබ්බේ දරුවකු මරා කාඩ්බෝඩ් පෙට්‌ටියක දමා සැඟවීමට ත්‍රිරෝද රථයෙන් රැගෙන යද්දී පොලිසියට අසුවූ බවලු. ඇත්ත දැනගත්තට පස්සේ මිනිස්සු කියලා තියෙන්නේ මැරුණු දරුවා විසිකරලා යන සමහරු ඉන්න මේ රටේ  තාත්තා කරපු  වැඩේ අගය කරන්න ඕනි කියලා.

Jan 27

ඉස්කොලේ විද්‍යා ටීචර් එක්ක සෙට් වුනැයි කියන 
ගණන් සර් ඉස්කෝලේ ඇතුලෙම 
සැරට දුන්නු පාටිය පත්තු වෙයි - වීඩියෝ

‘‘නෑ නෑ එයා ආදි ශිෂ්‍යාවක්‘‘පාටියේ අයිස් කකා
ප්‍රින්සිපල් කියයි
එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ගණිත ගුරුවරයකු හා විද්‍යා ගුරුවරියක සමගින් ඇති කරගත් ප්‍රේම සම්බන්ධයක් මත පසුගිය 11 වැනිදා යුග දිවියට පිවිස තිබෙනවා. එදින යුගදිවියට පිවිසීමේ සතුට පවුලේ ඥාතීන්ට පමණක් දන්වා චාම් උත්සවයක් පවත්වා ඇති අතර පසුව එම යුවලම රාජකාරී සිදු කරන එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ සහෝදර ගුරුවර - ගුරුවරියන්ද නව යුවලගේ අතිනත ගැනීමේ ප්‍රීතිය තමන්ටද සැමරීම සදහා උත්සවයක් සංවිධානය කරන ලෙසට ඉල්ලා තිබෙනවා.
ඒ අනුව ඊයේ (26) පාසල නිමවීමෙන් අනතුරුව පස්වරු 2.00 සිට පස්වරු 4.00 පමණ දක්වා එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ප්‍රධාන ශාලාව අසල පන්ති කාමරයක මෙම මංගල උත්සවය පැවැත්විණි. 

ආයතන සංග්‍රහය අනුව එකම විද්‍යාලයක ගුරුවරුන් දෙපළකට විවාහ වීමද තහනම් වන අතර, එම නීතියද කඩ කරමින් පාසල තුළ මේ අයුරින් ගුරුභවතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විවාහ උත්සවය පැවැත්වුණ බව වාර්තා වනවා.
අදාළ පන්ති කාමරය අසල ගිය අයට දැක ගත හැකි වූයේ පන්ති කාමරයක් උත්සව ශාලාවක් වී ඇති ආකාරයයි. ආහාර පාන සපයන ආයතනයක් මගින් ආහාර පාන සපයා තිබුණු අතර, පිරිමි ගුරුවරුන් කිහිප දෙනෙකුම ක්‍රීඩා පිටිය එහා කෙළවර ඇති ගුරු නේවාසිකාගාර වලට ගොස් පැමිණෙන අයුරුද දැක ගත හැකිව ඇත. 
අදාළ උත්සවය සඳහා මස් වර්ග හා මත්පැන්ද රැගෙන එනු දුටු බව පාසල අවට සිටි පිරිස් අප වාර්තාකරුට පවසා තිබේ. නිවාසාන්තර ක්‍රීඩා සඳහා පුහුණු වෙන සිසු සිසුවියන් පාසල තුළ, අදාළ උත්සවය පැවැත්වෙන අවස්ථාවේදී සිටින අයුරුද දැක ගත හැකි විය. උත්සවශාලා රැසක් තිබියදී මේ අයුරින් පාසලේ පන්ති කාමරයක් තුළ මෙම උත්සවය පැවැත්වීමට සූදානම් කිරීම නිසා අදාළ පන්ති කාමරයේ ඊයේ (26) දිනයේ ඉගැන්වීම් කටයුතුද සිදු නොකෙරුණ බව වාර්ථා වේ.
මේ පිළිබදව තොරතුරු ලබා දුන් ගුරුවරුන් කිහිප දෙනෙකුම කියා සිටියේ පාසල තුළ මෙවැනි උත්සව සිදු කිරීම කණගාටුවට කරුණක් බවයි. පාසලක් තුළ පෞද්ගලික උත්සව පැවැත්වීම කිසි සේත්ම නොගැලපෙන බව ඔවුන් පෙන්වා දුන්හ. පාසල් භූමිය තුළ මත්පැන් පානය කරමින් ගුරුවරුන් මේ අයුරින් පාටි දැමීම කක්කුට්ටන් ඇදේට ගොස් උන්ගේ පැටවුන්ට කෙලින්න යන්න කියන්නා මෙන් බවද ඔවුන් පැවසූහ. තවද ගුරුවරයකුට නිවසේ කෑම වේලක් දීමට බැරි තත්වයක් නැතැයිද , නොබෝ දිනකින් මදු සමය ගත කිරීමටද පාසල තෝරා ගන්නා තත්වයක් ඇති විය හැකැයිද ඔවුන් පැවසූහ.
අදාළ ස්ථානයට ගොස් අප තඹුත්තේගම කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.එම්.ජී.ඩී.ඩී හේරත් මහත්මියගෙන් දුරකථන ඇමතුමක් ලබා දී මෙවැනි සිදුවීමක් පාසල තුළ සිදු වන බව සැලකර සිටි අතර, එතුමිය කියා සිටියේ කිසිදු හේතුවක් මත පෞද්ගලික උත්සව පැවැත්වීමට ඉඩක් නොමැති බවත්, මේ පිළිබද සොයා බලන බවත්ය. 
තමන් මේ වේලාවේ රාජකාරී කටයුත්තක නිරත වන බැවින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අදාළ පාසලට පැමිණිය නොහැකි බවද, දුරකථනයෙන් මේ පිළිබද සොයා බලන බවද ඒ මහත්මිය පැවසුවාය.
පසුව අප අදාළ මංගල උත්සවයට සහභාගී වී ආහාර ලබා ගැනීමෙන් අනතුරුව අයිස් ක්‍රීම් කමින් සිටි විදුහල්පතිවරයා හමුවී මේ පිළිබද විමසීමක් කළ අතර ඒ මහතා කියා සිටියේ තමන්ගේ අවසරය මත මෙම   උත්සවය පැවැත්වුණු බවත්,  ගුරුවරයකුගේ හා ගුරුවරියකගේ විවාහ මංගල උත්සවයක් නොව එය පාසලේ ආදී ශිෂ්‍යාවක් වන ගුරුවරියකගේ විවාහ මංගල උත්සවයක් බවයි.
ඇය ආදී සිසුවියක් ලෙස ඇගේ ගුරුභවතුන්ට මෙම මංගල සාදය පැවැත්වූ බවයි ඔහු පවසා සිටියේ. මෙම උත්සවය පාසල නිම වී පැවැත්වීම නිසා කිසිදු ගැටලුවක් නැති බවද, මෙම උත්සවයට මත්පැන් රැගෙන විත් නැති බවද විදුහල්පතිවරයා පැවසීය. කෑම වේලක් ලබා දීම ගැටලුවක් නැති බවද විදුහල්පතිවරයා පැවසීය.
විදුහල්පතිවරයා එසේ පැවසූවද විදුහල්පතිවරයා පවසන ගුරුවරිය විවාහ වී ඇත්තේ පාසලේම ගුරුවරයකු සමග වන අතර, පාසලේ සිටින ඇගේම සමකාලීන ගුරුභවතුන් ඇගේ ගුරුවරියන් නොවන බවද , මීට විරෝධය දක්වන ගුරුවරුන් පැවසූහ.

Jan 26

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels